IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ඇත්ත කියන නිලධාරීන් ඉවත් කර කොරෝනා මඬින්න බැහැ‘

(අංජුල මහික වීරරත්න)

බියක් සැකක් නැතිව ඇත්ත කියන සෞඛ්‍ය නිලධාරීන් තනතුරු වලින් ඉවත් කර වැඩ බැරි අය ඒ තැනට පත් කිරීමෙන්  කොරෝනා මර්දනය කළ හැකිදැයි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය හමුවකදී  පැවසීය.

වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා මරණ වාර්තා සකසන්නේ රෝහල් සහ සෞඛ්‍ය නිලධාරී කාර්යාල දෙන දත්ත අනුව යැයි ද වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී සුදත් සමරවීර මහතා තනතුරෙන් ඉවත් කිරීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ යැයි ද රත්නප්‍රිය  මහතා කීය.

"මේ හැම වාර්තාවකම සඳහන් වන්නේ ඊට පැය 24 කට පෙර වූ මරණ නොවේ. එය වරදක් තමයි. ඒ බව සියලු දෙනා දැනගෙන සිටියා. නොදැන සිටියේ ජනපති ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන් පමණ ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. අදාළ වාර්තාව පදනම් කර ගන්නා කාල වකවානුව එහි සඳහන් වෙනවා. එසේ නැතිව පෙරදින වූ මරණ ලෙස වාර්තාවේ සඳහන් වන්නේ නැහැ."යනුවෙන් ද රත්නප්‍රිය මහතා පැවසීය.

 

 



අදහස් (11)

‘ඇත්ත කියන නිලධාරීන් ඉවත් කර කොරෝනා මඬින්න බැහැ‘

Rasika Monday, 21 June 2021 12:58 PM

ඔබ වෙනුවෙන් පෙනී සිටින අයගෙන් ඔබ හඳුනා ගත හැකිය.

:       6       303

fairoosMonday, 21 June 2021 02:06 PM

රසික ඔබ වගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ.

:       125       162

kasun Monday, 21 June 2021 01:15 PM

දැන් එතකොට මෙයාට වැඩ පුලුවන්ද

:       0       35

SUNIL MILANO Monday, 21 June 2021 01:43 PM

මාර ප්‍රජාතන්ත්‍රවාදියා... සති දෙකේ පාර්ලිමේන්තු ගමණින් කෝටි 04ක කාර් එකක් අරගෙන දැන් මරු කියවනවා.

:       17       201

Kule Monday, 21 June 2021 01:55 PM

පුහුල් හොරා කරෙන් දැනේ...

:       0       4

මුණසිංහ Monday, 21 June 2021 02:04 PM

මෙයා මේ කියන කතාවෙන් තේරෙන්නේ මේ අවුල් ජාලයට මෙයාත් සම්බන්ධ බවයි. නරියා බව හඳුනා ගත්තේ ඌ කෑ ගහන කොටනේ...

:       4       108

කුසුම්ප්‍රිය Monday, 21 June 2021 02:14 PM

ඔබ ලෙඩුන් වෙනුවෙන් කර ඇති සේවය ඉමහත්ය. මෙරටට පව්කාර වර්ජන රටාව හඳුන්වා දුන් එක් පුරෝගාමී පුද්ගලයෙක්. නොදන්වා වර්ජන කිරීමත් සමග අසාධ්‍ය ලෙඩුන් කොපමණ එකල මිය යන්නට ඇත්ද...? ඒ ගැනද සංගණනයක් කර ජනතාවට පාපොච්චාරණයක් කළ නොහැකියිද?

:       0       117

Cisco Monday, 21 June 2021 02:22 PM

දීකිරට බළල්ලුත් සාක්කි කිව්වලු. මෙයාගේ කතාවෙන් සහ පරාජිත දොස්තරගේ කතාවෙන් තේරෙනවා... හරියටම මොකද වෙලා තියෙන්නේ කියලා. මේ ගොල්ලො තවත් හිටියොත් ලැබිලා තියෙන එන්නත් ටිකවත් හරියට වෙලාවට දීගන්න බැරිවෙන එක නම් ෂුවර්...!!! 

:       1       65

කිරි පුතා Monday, 21 June 2021 02:23 PM

මෙන්න මෙයාගේත් බැංකු ගිණුම් එහෙම බලන්න වෙනවා. කඩේ යනවා නේද?

:       0       70

යාපා Monday, 21 June 2021 02:37 PM

අර ගත්ත වාහනේ ගෙනත් දුන්නා නම් කෝටි කීයක්ද නේ?

:       1       66

Sri Lanka Monday, 21 June 2021 03:11 PM

කොරෝනා මඩින්න කාටවත් බෑ.. කොරෝනාවල මූලික ටාගට් එක ඔන්ලයින් බිස්නස් සහ බටහිර බෙහෙත් ව්‍යාප්තියයි...

:       38       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site