IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇටසැකිලි මෑතක නම් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ඩීඑන්ඒ සැසඳීමක්

(තරිඳු ජයවර්ධන)

මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඞීඑන්ඒ පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් සිදු කිරීමට සිදු වනු ඇතැයි අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.

ඒ සියල්ල තීරණය වන්නේ කාබන් කාලනිර්ණය පරීක්ෂණයෙන් වාර්තාව සැකසීමෙන් පසු මෙහි ප‍්‍රධාන විමර්ශකයා වන මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පූර්ණ වාර්තාවක් මහේස්ත‍්‍රාත්වරයා වෙත ලබාදීමෙන් පසුව යැයි ද ඒ මහතා කීවේය.

සාලිය පීරිස් මහතා මෙසේ ද කීවේය.

    ”මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප‍්‍රධාන වශයෙන් කළේ මිනී වළ හැරීම සහ ඇටසැකිළි ගොඩ ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයාට අවශ්‍ය වියදම් පියවීමයි. දෛනික වියදම් වගේම ගොඩ ගත්ත ඇටසැකිලි සාම්පල පර්යේෂණාගාරවලට යැවීම සඳහා වන වියදම් අපේ කාර්යාලයෙන් පියෙව්වා. එසේ කළේ නැති නම් මේ ක‍්‍රියාදාමය අඩාල වෙන්න ඉඩ තිබ්බා.

පනත යටතේ අපට පැවරිලා තිබෙන එක කාර්යක් තමයි මිනීවළවල් තියෙනවා නම් ඒවා ගොඩගැනීම සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරුන්ගෙන් ඉල්ලීම් කරන්න පුලූවන්. අපට නිරීක්ෂකයන් ලෙස කටයුතු කරන්නත් පුලූවන්. අපි ප‍්‍රධාන වශයෙන් ක‍්‍රියාකාරී නිරීක්ෂකයන් විදියට සහභාගී වුණා. මෙම පරීක්ෂණවල මූලිකත්වය ගන්නේ මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතායි. කාබන් දින පරීක්ෂණ වාර්තා ලැබුණු පසු අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා සහ ඔහුගේ කණ්ඩායම ඒ දත්තත් ඇසුරෙන් පූර්ණ වාර්තාවක් සකස් කළ යුතු වෙනවා.

ඒ පරීක්ෂණ වාර්තාවට පස්සේ තමයි ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්තුමාට තීරණය කරන්න වෙන්නේ. කාබන් දින පරීක්ෂණයේ ප‍්‍රතිඵලයත් ඊට වැදගත් වෙනවා. මෑත කාලයේ ඇටසැකිලිත් තිබෙන බවට කාබන් පරීක්ෂණයේදී තහවුරු වුණොත් ඉන් පසු කල්පනාකරන්න වෙනවා කොහොමද හඳුනා ගැනීම් කරන්නේ කියලා. එය දෙවැනි අධියරයි. හඳුනාගැනීම සඳහාත් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ ඞීඑන්ඒ සාම්පල පරීක්ෂණයක් කරන්න වෙයි. ”



අදහස් (3)

ඇටසැකිලි මෑතක නම් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ඩීඑන්ඒ සැසඳීමක්

de silva berlin Thursday, 14 February 2019 06:20 PM

ඕක කරන්න මෙපමණ කාලයක් අවශ්‍යද ? සාමාන්‍යයෙන් අද ලෝකයේ තිබෙන තාක්ෂණික දියුණුව නිසා මේවගේ දෙයක් සති 3-4 කදී සොයාගැනීමට පුළුවන් ,

:       34       58

sujeewa Friday, 15 February 2019 05:02 AM

මේක ලෝකෙන් උතුම් රට කියලනේ කියන්නේ. ඒවුනාට හම්බ වෙන්නේ සමුහ මිනී වලවල්, හෙරොයින් හොන්ඩර ගණන්, මිරිස්කුඩු ගහගන්න මන්ත්‍රීවරු අපිට මේකේ සතුටු වෙන්න කිසි දෙයක් නැත..

:       0       29

isurandi Monday, 18 February 2019 01:24 PM

මේ මිනීමැරීම් කවුරුන් විසින් කළ ඒවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site