(මොහොමඩ්  ආසික්)

කොවිඩ්  -19 වයිරය ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය දක්වමින් අකුරණ ප්‍රදේශයේ සමාජ සේවා සහ තරුණ සංවිධාන පහක් එක්ව අද (01) සවස අකුරණ නගරයේදී නිහඬ විරෝධතාවයක් පැවැත්වූහ.

අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පවා අකුරණ නගරයට එක්ව සිටි විශාල පිරිසක් සෞඛ්‍ය නීති අනුව ඒ 09 මාර්ගයේ රැඳී සිටිමින් විරෝධතාවයට එක්ව සිටියහ.

මෙම විරෝධතාවයට එක්ව සිටි පිරිස් සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදාහනය මෙන්ම  භූමදානයද නිර්දේශ කර ඇති බැවින් මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතියක් වන භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවැත්විණ.