IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘ආරම්භ කළ ගමන ඉදිරියට යනවා’

(ඩයනා උදයංගනී)

ආරම්භ කළ ගමන ඉදිරියට යනවා මිස අතරමග නැවතී වෙනත් අපේක්‍ෂකයකුට සහය දැක්වීමක් කරන්නේ නැතැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.

වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනුවට මහත්මා දේශපාලනයක් ඇතිකර ජනතා විශ්වාසය දිනාගත් පාලනයක් ඇතිකිරීම තම අපේක්‍ෂාව බව ද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කළේය.

දේශපාලනයක් නොව දේශ සේවයක් කිරීම තම අරමුණ බව කී මහේෂ් සේනානායක මහතා ජනාධිපතිවරණයෙන් නොනැවතී ඉදිරි සෑම මැතිවරණයකටම වඩාත් සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කරමින් ඉදිරියට යන බව ද පැවසීය.

මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි ජාතික ජනතා ව්‍යාපාර කාර්යාලයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූ දෙනාට ඡන්දය භාවිතා කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේ දී ඇතිකරන බව කී මහේෂ් සේනානායක මහතා එවිට සමස්ත ජනතා කැමැත්තෙන් යුතු පාලනයක් රට තුළ ඇතිකළ හැකි බව ද කීවේය.

පළාත් සභා, ප‍්‍රාදේශීය සභා මැතිවරණ එකම දිනක පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවට පැමිණීම 85% ක් අනිවාර්ය කිරීම ආදිය වෙනුවෙන් ද තම පාලනයක් යටතේ ක‍්‍රියාකරන බව හෙතෙම සඳහන් කළේය.

ආගමික නායකයින් විසින් ඉදිරිපත් කර ඇති සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වන නිර්ණායක පිළිගත හැකි එකම කණ්ඩායම තම කණ්ඩායම බව කී මහේෂ් සේනානායක මහතා සෙසු අපේක්‍ෂකයින් වටා සිටින අය අනුව පිළිගත නොහැකි බව ද කීවේය.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, ජෙනරාල් ඇන්ටන් විජේන්ද්‍ර යන මහත්වරුන් ද මෙහිදි අදහස් දැක්වූහ.

 



අදහස් (16)

‘ආරම්භ කළ ගමන ඉදිරියට යනවා’

sharm warn Monday, 04 November 2019 09:28 AM

ඔබට අපේ ප්‍රණාමය..!!! 

:       268       610

Dr. Vajira FernandoMonday, 04 November 2019 11:47 AM

නාගානන්ද කළ දේම තමයි මෙයා කරන්නෙත්... සල්ලි ටික අරන් 16 වෙනිදාට මාරු වෙනවා. මේ උඩින් පාත්වෙන ගැලවුම්කාරයෝ හිටපු ගමන් මිනිස්සු අතරමන් කරලා පැනලා යනවා. යූටියුබ් එකේ වීඩියෝ දෙක තුනක් දාපු ගමන් අන්තර්ජාලෙන් දේශපාලනය තෝරන උගත්, බුද්ධිමත් රටවැසියෝ මෙයාලා විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ රටට කියපු දේවල් කියමින් හිටිහැටියේ ක්ෂණික දේශපාලන වීරයෝ වෙන්න හදන මෙයාලව පිළිගන්න අපි සූදානම් නැහැ. පොළොවේ පය ගහලා දේශපාලනය කරන අවුරුදු විසි ගණනක් කිසිම පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොතකා රට වෙනුවෙන්, දුක් විඳින මිනිස්සු වෙනුවෙන් සටන් කරන අයත් සමග පෙළ ගැසෙමු...

:       320       35

Sanath KandyMonday, 04 November 2019 12:05 PM

පසුගිය අවුරුදු 20ක් 25ක් තිස්සේ අපේ රටේ පිරිසිදු දේශපාලනයක් කරන රටේ සිදුවන සියලුම වංචා, දූෂණ හෙළි කරමින් දූෂිතයන් හෙළිදරව් කරන රට ගොඩනගන විකල්ප වැඩපිළිවෙලක් ඇති ජනතාවගේ පක්ෂයක් තිබියදී අහසින් පාත් වී අන්තර්ජාලය හරහා වීඩියෝ දෙක තුනකින් විකල්පයක් මවා පෙන්වූ පුද්ගලයෙකුට රැවටෙන්න තරම් මෝඩ නැහැ අපි...

:       154       61

Mahee Monday, 04 November 2019 09:29 AM

ඔබේ ගමනට මගේ සුබපැතුම්...!!! හැබැයි, වැඩේ ලේසි නෑ. අපේ ජනතාව වැඩි දෙනෙක් කැපුවත් එක එක පාට ලේ ගලන කට්ටිය... නාගානන්දගේත්, අජන්තාගේත්, රොහාන්ගේත් සහාය ඇතුව යන්න හැකිනම් හොඳයි. අනුර කුමාර ඔබට පක්ෂ කරගත හැකි නම් සැබෑ විකල්පයක් බිහිවෙනවා.

:       45       147

චින්තන Monday, 04 November 2019 11:34 AM

විකල්ප පිලේ වඩාත්ම උගත්, දුෂණ, වංචා, චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුර කුමාර දිසානායකයි.

:       507       249

CiscoMonday, 04 November 2019 12:28 PM

අනේ එහෙම වුණාට දැන් පවතින රජය කරපු බොහෝදේවල් වසා ගන්න රනිල්ට උදව් කළේ ඔය අනුර නෙවෙයිද?

:       55       84

රට වැසියා Monday, 04 November 2019 12:00 PM

රොහාන් පල්ලෙවත්තගේ සහයෝගය අනුර කුමාරට.... විකල්පයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතායි.

:       3       54

menna Monday, 04 November 2019 10:13 AM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූ දෙනාට ඡන්දය භාවිතා කළ හැකි වැඩපිළිවෙළක් ඉදිරියේදී ඇතිකරොත් හොඳයි. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය ලංකාවට නුසුදුසු ක්‍රමයක් කියා සිතමි. ලංකාව භෞතිකව මෙන්ම මානසිකවද කෑලි වලට කැඩෙන ක්‍රමයක්. දැනටම ඉරිතැලී ඇත. ආර්ථික අතින් යම්කිසි ප්‍රතිලාභයක් ඇති. නමුත් එය දීර්ඝකාලීනව තුන්වෙනි (සංවර්ධනය වෙමින් පවතින) රටක් ලෙස පවත්වාගෙන යන්න හොඳයි.

:       0       71

Cisco Monday, 04 November 2019 10:27 AM

ඔබතුමාලට මුලින්ම තරඟ කරන්න තිබුනේ පාර්ලිමේන්තු මැතිවරණයට. මොකද එකේ ඉන්න කෑලි ටික හලන්නම ඕනි ඔබතුමාලා වගේ අය පත්කර ගැනීමෙන්. ජනාදිපතිවරණය යනු හැමවිටම දෙපැත්තක සටනක්. එහෙම එකකි ජනතාව ප්‍රධාන දෙකකින් එකකට ඡන්දය දෙනවා මිස වෙන මොකුත් කරන්නේ නැහැ.

:       0       0

athula Monday, 04 November 2019 10:57 AM

නැගී සිටිය හැක එක්සත්වී...බෙදී ගියොත් රට යයි සුන්වී ......කාලය නාස්ති නොකර සතුරාගේ ශක්තිය හදුනාගෙන ශක්තිමත් විකල්පයක අවශ්‍යතාවය තේරුම් ගන්න. ඔහොම කනින් කොනින් මැතිවරණ කරලා වෙනස්කරන්න පුලුවනිනම් මේ මජර ක්‍රමය වෙනස් වෙලා ගොඩක් කල්.

:       4       78

Fernando Monday, 04 November 2019 11:01 AM

නාගානන්දවත් කපාගෙන ආවේ එහෙම දාලා යන්නද? ගත්ත ඩොලර් කුට්ටියට හරියන්න කොන්ත්‍රාත් එක කරන්න ඕනනේ.

:       313       199

මාවිල්මඩ වජිර හිමි Monday, 04 November 2019 11:10 AM

මේ රට වසර 71ක් ආපු වැරදි පාරෙන් මුදවාගෙන රට ගොඩනගන්න පුළුවන් විකල්ප බලවේගයක් දිනවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය නිවැරැදි දැක්මක්, විනයක්, කැපවීමක් හා ධෛර්යයක් ඇති අදූෂිත දේශපාලන චරිතය ජවිපෙ නායක ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පමණයි.

:       410       402

Nissanka Monday, 04 November 2019 11:13 AM

විකල්පය එකතු වී මේ රටේ ගමන්මග වෙනසක් කිරීම ජනතාවගේ ප්‍රාර්ථනයයි.

:       0       46

විකල්ප Monday, 04 November 2019 11:17 AM

තරගය තියෙන්නේ තුන් දෙනෙක් අතර. පොහොට්ටුවේ ගෝටා, එජාපෙ සජිත් හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක. ඒ තුන් දෙනාගෙනුත් පොහොට්ටුව අලියා එකම පිලක. අනුර විකල්ප පිලේ. විකල්පයේ වඩාත්ම උගත් දුෂණ වංචා චෝදනා නැති රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනුර. බුද්ධිමත්ව කල්පනාකර අනිකුත් විකල්ප අපේක්ෂකයින් අනුර කුමාර මහතාට සහයෝගය දෙන්න.

:       0       0

Deshapriya Monday, 04 November 2019 11:21 AM

මෙයා ඇවිත් ඉන්නේ සැබෑ විකල්පයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වැළැක්වීමටයි.

:       0       0

Ranbanda Monday, 04 November 2019 02:16 PM

අනුරට කඩේ යන උදවිය කියන්න ඉස්සරලා අපේ පැත්තේ හිටියා තෙල්බෙහෙත් වෙළෙන්දෙක් පොල්තෙල් පාට දාලා විකුණන්නේ.. පැයකින්, දෙකකින් විකුණලා ඉවරයි. හැබැයි පාරේ සද්දේ දැම්මට සුරුට්ටු කඩයක්වත් හරියට කරගන්න බැරිවුණා.

:       33       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31363 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13584 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11013 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1000 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site