IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යංශය

(අජන්ත කුමාර අගලකඩ)

ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යංශය නමින් නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඉකුත් 18 වැනිදා පැවති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් අරමුණ ළඟා කර ගැනීම සඳහා 2020-2025 කාල වකවානුව තුළ ආර්ථික අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම නව ආයතනය ආරම්භ කෙරේ.

ආර්ථීක වර්ධන වේගය 6.5% කට වැඩි අගයකට පවත්වාගෙන යාම ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6500 දක්වා වැඩිකිරිම, සේවා වියුක්ති අනුපාතය 4% ට අඩු අගයකට ගෙනඒම, උද්ධමනය 5% කට අඩු අගයකට ගෙනඒම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4% කට වඩා අඩු කර ගැනීම, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම, පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන ඒම යන ආර්ථික ඉලක්ක කරා රට මෙහෙයවීම මෛගින් අපේක්ෂිතය.

මීට පෙර සිටි ජනාධිපතිවරුන් විසින් ස්ථාපනය ලද ජාතික ආර්ථීක සභාව සහ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ඒජන්සිය අහෝසි කර ජාතික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන කාර්යාංශය ස්ථාපනය කෙරෙනු ඇත.

මෙම නව කාර්යාංශය ජනාධිපතිවරයාගේ මෙහෙයවීම මත හා මුදල් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

 



අදහස් (5)

ආර්ථිකය ගොඩගන්න අලුත් කාර්යංශය

ලියනගේ Friday, 20 December 2019 07:27 PM

ආර්ථීකය මෙහෙයවීම සඳහා මෙතෙක් පැවති ජාතික ආර්ථීක සභාව අහෝසි කර, ඒ වෙනුවට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසම්පාදන කාර්යාංශය නමින් නව ආයතනයක් නම වෙනස් කළාට ආර්ථීකය ශක්තිමත් වන්නේ නැත. ජනතාව බලා සිටින්නේ රුපියල් 2500ක ආර්ථීකයකින් මාසයක් ජීවත්වන්න බලාපොරොත්තු ඇතිවය...

:       0       1

ලුම්බිණි Friday, 20 December 2019 11:07 PM

මේවට අලුතින් ආවත් එන්නේ අර පරණ කට්ටියම තමයි.

:       0       1

රවින් Saturday, 21 December 2019 02:55 AM

ඔය ආර්ථිකේ ගොඩ නංවන්න කියලා ඉස්සර හිටපු එක්කෙනෙක් නේද වැඩිපුරම 10% ගත්තේ? ආයෙත් එන්න හිතිලාද දන්නේ නැහැ වැඩේ පටන්ගන්න.

:       0       1

Amula Saturday, 21 December 2019 04:46 AM

ඔව් ඉතින් කොහොමත් අලුත් නමකින් ආවොත් තමයි යමක් කමක් කන්න පුළුවන්... මේ නහින දෙහින කාලෙ අයියා කියයි මේ විදිහට කියන්න මම සැලැස්ම දාගන්නම් කියලා. මේ ඔක්කෝටම ගේන්න ඕනේ පාකිස්තාන් නීතිය.

:       119       2

athula Saturday, 21 December 2019 05:56 AM

ඇයි නාමල්ට දුන්නනම් සේරම කරලා රවුමේ පදින්නත් පුළුවන් හැමෝටම රට වටේ, අපිට ආරංචි අවුරුදු 100ක් ඉපැරණි මිනිරන් පතල සමාගමකට දීලා කියලා.. එ්ක කොහොමද කලේ...? කුට්ටි පිටින් කඩාගෙන ඩොලර් 2ට කිලෝ එක දුන්නද? නැතිනම් නව තාක්ෂණය යොදාගෙන සුද්ද කරලා කිලෝ එක ඩොලර් 10000 සිට 25,000 දක්වා දෙන්න පුළුවන් විදිහට දියුණු කරන්න දුන්නද? ඔය වගේ ආර්ථික කමිටු කරපු කට්ටිය කියපු කතා අපි අහලා තියෙනවා.. රුපියල් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් වගේ කතා...

:       25       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site