IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති

(වසන්ත චන්ද්‍රපාල)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න, යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති චන්දන තිලකරත්න යන මහත්වරු අද (14) අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වූහ.

පළමුව මෙම පිරිස දිඝවාපි පුරාණ රජමහාවිහාරයට පැමිණ දිඝවාපි පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන්  සහ උතුරු නැගෙනහිර දෙපාළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන හිමියන් සමඟ දිඝවාපි පුදබිමේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

දැනට දිඝවාපි  පුදබිමේ ඉඩම් අක්කර 29 ක් අනවසරයෙන් අල්ලා ගෙන ඇති අතර එයට විරුද්ධව අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බව සහ දීඝවාපි චෛත්‍ය ගොඩ නැගිම කඩිනම් කළයුතු  බව මෙහිදි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් ආරක්ෂක ලේකම් වරයාට දැනුම් දෙන්හ.

පසුව දීඝවාපි චෛත්‍ය බැලිමටද මෙම පිරිස ගිය අතර ඉදිරි සතිය තුලදි ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාක් පවත්වා මේ පිළිබඳව තීරණයක් ගන්නා බව සඳහන් කළේය.

ඉන් අනතුරුව දීඝවාපි නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිකර ඇති සුනාමි නිවාස පිළිබඳව සොයා බැලිමටද ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න මහතා පියවර ගනු ලැබිය.

වසර 12 ක් තිස්සේ වල්වැදි විනාශට පත්වෙමින් යන මෙම නිවාස පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ දැඩි පරීක්ෂාවට ලක්විය.

පසුව මාණික්කමඩු පරිවාර චෛත්‍යයට ගිය ආරක්ෂක ලේකම් වරයා ඇතුලු පිරිස එම විහාරස්ථානයේ පවතින තත්වය පිළිබඳව සොයා බැලුහ.

මෙහිදි මාණික්කමඩු පරිවාර විහාරස්ථානයේ පවතින ඉඩම් ගැටලුව පිළිබඳව කිරිදිවැල සෝමරතන හිමියන් විසින් ආරක්ෂක ලේකම්වරයාට කරුණු පැහැදිලි කරනු ලැබූහ.

මානික්කමඩු රජමහා විහාරය ආරම්භ කිරිමට ගොස් තමන්  වහන්සේට සහ මාණික්කමඩු විහාරාධිකාරි අඹගස්පිටියේ සීලරත්න හිමියන්ට දින ගණන් පොලිසියේ ගත කිරිමට  සිදුවු බවද සෝමරතන හිමියන් මෙහිදි පැවසූහ.

දැනට මෙම විහාරස්ථානටය් පවතින ඉඩම් ගැටලුව පිළිබඳව අවදානය යොමුකර විසදුමක් ලබාදෙන ලෙසද උන් වහන්සේ මෙහිදි ඉල්ලිමක් කරනු ලැබූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සංචාරයට සහාභාගි වු බවත් සංචාරයෙන් පසුව මේ පිළිබඳව  ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙම සංචාරයේදි මහා සංඝරත්නයට දැනුම් දුන්නේය.

නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා  යහම්පත් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

 



අදහස් (5)

ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති

Athula k Thursday, 14 May 2020 01:13 PM

දැන් හරි මෙ ගැන සොයා බලන එක හොදයි. සොහොන් බිමක් ආක‍්‍රමණය කරන අමන මිනිස්සු අපේ රටෙ ඉන්නවා..

:       2       383

ass charyaFriday, 15 May 2020 03:41 AM

චන්දෙ ඉවරවෙනකන් ඔක්කොම ෂෝ...

:       0       0

RaveendraSaturday, 16 May 2020 04:12 PM

අමනයෝ නොව ඌරන්ය....

:       0       0

chithrananda Friday, 15 May 2020 12:27 AM

මැතිවරණය පෙරහැර ආරම්භ වී ඇති අතර කසකාරයන් මේ වන විට අප ඉදිරියෙන් ගමන් කරමින් සිටී....

:       0       0

eresh S kumara Friday, 15 May 2020 05:32 AM

ඓථිහාසික පුද බිමක් අනිවාර්යෙන් රැක ගත යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1007 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site