IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආමි අමිල අත්අඩංගුවට

 

(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන දැනට විදේශයකට පැනගොස් සිටින 'කළු සාගර' නැමැත්තාගේ ගෝලයෙක් වන  'ආමි අමිල' නැමැත්තා පොලිස්  විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල්, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ  2005 වර්ෂයේ දම්පල ගජනායක සහ 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං  වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්  ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තංගල්ල පොලිස් වසමේ දංකැටිය ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

41 ක් හැවිරිදි මෙම පුද්ගලයා  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



අදහස් (0)

ආමි අමිල අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site