IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ආනවිළුන්දාව ඩෝසර් කිරීමට චෝදනා ලැබූ ජගත් සමන්තට ඇප

( ඔගස්ටින් ප්‍රනාන්දු)  

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි කුරු ගමගේ ජගත් සමන්ත පෙරේරා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 24 ) නියෝග කළේය. 

ඉස්සන් ඇති කිරිමේ පොකුණක් සකස් කිරිම සදහා රැම්සා තෙත් බිම් කලාපයට අයත් ආනවිලුන්දාව කුරුළු අභය භුමිය තුළ ඩෝසර් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  මොහු රක්ෂිත බන්ධණාගාරගත කර තිබිණි.

ඔහු මුදා  හැරුණේ  රුපියල් ලක්ෂ දහය බැගින් සහතික ඇප දෙකක්   බැගින් වු සහතික ඇප මතය.  සැකකාර මන්ත්‍රිවරයා රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා ගේ වැඩිමල් සහෝදරයා වේ. 

 මෙම සැකකරු බන්ධනාගාර ගත කර සිටිය අතර අද ( 24 දා ) මෙම නඩු විභාගය සදහා අධිකරණය හමුවට ඉදිරිපත් කළේ නැත. ඒ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි කොරෝනා  වසංගතය නිසා අත්‍යාවශ්‍ය සැකකරුවන් හැර සෙසු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිපත්  නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කීය .



අදහස් (16)

ආනවිළුන්දාව ඩෝසර් කිරීමට චෝදනා ලැබූ ජගත් සමන්තට ඇප

siri Thursday, 24 September 2020 10:35 AM

මිනීමැරුම් චෝදනා ලබාඉන්න කට්ටිය පාර්ලිමේන්තු එනවානම් සම්බන්ධීකරණ කමිටුවලට පත්වෙනවා නම් මෙව්වා මහ ලොකු දේ නෙවෙයි හලෝ.. ‘රට රකින කෙනෙක් වේ නම් ඔබයි ඒ උතුම් මිනිසා‘ කියලනේ කිව්වේ... මතක නැද්ද?

:       0       42

දරේ Thursday, 24 September 2020 10:57 AM

ඩෝසරේ එලවපු කෙනා තාම කූඩුවේද?

:       0       36

rihan Thursday, 24 September 2020 11:23 AM

ඩෝසර් එකත් තවම පොලිසියේ... ඩෝසර්ට ඇප නැහැ...

:       0       29

pradeepa Thursday, 24 September 2020 12:03 PM

මට නම් දැන් පරිසරය විනාශ කරන්න පොඩ්ඩක්වත් බය නැහැ. අපේ සර්ගේ වැඩ කොහොමද? ඉක්මණට ගෙදර එන විදිහට ලෝ එක හදලා තියෙන්නේ ලංකාවේ...

:       1       24

amila Thursday, 24 September 2020 12:32 PM

දැන් ඉතින් සුද්ද කරපු එකේ ඉස්සෝ වගාකරලා රටට ආදායමක් එන්න වැඩක් කරන්න.

:       3       13

fairoos Thursday, 24 September 2020 12:45 PM

අපේ සර්ගේ මිනිස්සුනේ...

:       1       21

Champa Thursday, 24 September 2020 01:46 PM

මේවාට පුදුම වෙන මිනිස්සුන්ට දඩයක් ගහන්න ඕනේ.

:       0       22

Perera Thursday, 24 September 2020 06:49 PM

ලංකාව කාන්තාරයක් කරලා මැද පෙරදිග රටවල් වගේ දියුණු කරන්න වෙන්න ඇති සැලැස්ම. ටිකක් ඉවසලා බලමු.

:       0       5

Thanuj Friday, 25 September 2020 12:09 AM

ඕවා ඉතින් නෝර්මල් කතන්දර මහින්ද ආණ්ඩුවේ. පුදුම වෙන්න දෙයක් නෑ. ඔක්සිජන් කන්නද ඇහුවෙත් ඕකගේ අයියනේ.. මේ වගේ අය දුටුතැන වෙඩිතියන්න ඕනෑ. මිනිස්සුන්ට ගානට මහින්දලා ගුලියක් බස්සලා බලය අල්ලා ගත්තා. දැන් ඔවුන්ට රිසිසේ රට කනවා. ඕකයි කතන්දරේ. මුලු පවුලකට රටක් බාරදීලා ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ. බැසිලුත් පාර්ලිමේන්තුවට පැනගන්නනේ ඉන්නේ...

:       0       3

සිසිර Friday, 25 September 2020 03:01 AM

ගෝඨාභය නාමේ... මතක ඇති තාලයට කියා වටිනා ඩෝසරයක් තෑගි දිනා ගන්න. සෞභාග්‍යයේ දැක්මේ තවත් එක් ප්‍රථිඵලයක්..

:       0       5

sharm warn Friday, 25 September 2020 03:46 AM

මේ ටික වෙන්න මෙච්චර පරක්කු මොකෝ කියලා තමයි මම බලාගෙන හිටියේ. මේ ආදර්ශමත් ආණ්ඩුව යටතේ සිරබත් කන්න තියන්නේ නැහැනේ. අපි දැන් ඒක සහ සුද්දෙන්ම දන්නවානේ..උපරිම වැරැද්දක් හැටියට ගන්න පුළුවන් සාපරාධී වැරැද්දක් කරලත් මන්ත්‍රීකම් ගන්න පුළුවන් කොට.. මේවා මොන කිරිකජු වැඩද? අපට සතුටුයි දැන්.

:       0       4

සිසිල් සුදේශ් Friday, 25 September 2020 04:01 AM

වරෙන්තු මග ඇරලා හැංගිලා හිටපු අයට ඇප නොදීම සිරිතක් නේද? රාජිතගේ නඩුවෙදී කළේ... ඇයි මෙතන වෙන නීතියක්..?

:       0       4

විජේ Friday, 25 September 2020 06:40 AM

ඔබ මෙන්ම ඔබේ සහෝදරයාද පුත්තලමට ආභරණ වේ.

:       0       4

de silva Friday, 25 September 2020 07:54 AM

රිමෝට් එකෙන් වැඩකරන ඩෝසරයක් තිබුණා නම් මරු.

:       0       2

Pradeep Friday, 25 September 2020 07:55 AM

පුත්තලමේ ඉපදුණානම්, කොහොමද ආඩම්බරය...?

:       0       2

Rata Perata Sunday, 27 September 2020 07:22 AM

මේක මාර වැඩක් උනානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site