(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දීඝවාපී ප්‍රදේශයේ කැලෑවක් අසල දින කිපයක් තිස්සේ ඇතුන් දෙදෙනකු ද්වන්ද සටනක යෙදි සිටින බව ප්‍රදේශවාසීහු පවසති.

විශාල අලි රංචුවක සිටි මෙම දැවැන්තයින් දෙදෙනා නාඹර වයසේ පසුවන්නන් බව ද එය දැක බලාගැනිමට ආ පිරිස පවසති.

එකම රැළක සිටි මෙවැනි සද්ධන්තයින් ගැටුම් ඇති කර ගන්නේ ඇතින්නකගේ ආදරය හිමිකර ගැනීම වෙනුවෙන් බව ගැමියෝ පවසති.

ඇතැම් අවස්ථාවල එක් සද්ධන්තයකු මිය යනතෙක්ම මෙම සටන පවතින බව ද ගැමි වහරේ ඇත.

සද්ධන්තයින් එකිනෙකාට පහරදී ගන්නා ශබ්දය සෑහෙන දුරකට ඇසෙන බව ද දැනගන්නට ඇත.