
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය.
මෙසේ කෝවිඩ් 19 ආසාධිකයකු ලෙස හදුනාගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ, පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු වු අයෙකී.
අදාල තරුණයා ආණමඩුව තෙන්නන්කුරියාව පදිංචි කරුවකු වන අතර මොහු වැලිකන්ද කෝවිඩ් රෝහලින් ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ, නැවත නිරෝධායනය වෙමින් සිටි ඇති බව කියයි.
සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවන වරට යලි රෝග ලක්ෂණ පහල කිරිමේන් පසු සැප්තැම්බර් 17 දින අසනිපව සිටියදී හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුලත් කර ඇති බව කියයි.
එහිදි දෙවන වරට සිදුකල පි.සි.ආර්. පරික්ෂණ වලදී නැවතත් ඔහු කෝවිඩ් ආසාධිකයකු බව සනාථ වි තිබුණි. ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා යලි නිවසට පැමින තිබුණි.
කෙසේ නමුත් අදාල තරුණයා නිසි නිරෝධායන ක්‍රම වේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රදවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මංඩලය කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් ඔක්තෝම්බර් 2 දින (පසුගිය සිකුරාදා නිවසේ) නිරෝධායනය වෙමින් සිටියදී නැවතත් අසනිපව හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට යවා තිබුණි.
එහිදි නැවත අදාල තරුණයා පි.සි.ආර්. පරික්ෂණ වලට යොමු කිරිමේන් පසුව තුන්වන වරට ද කෝවිඩ් 19 ආසාධිතයකු ලෙස මෙම තරුණයා වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබුණි.
මේ වන විට ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාව තුළ තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස වාර්ථා වු පළමු රෝගියා මෙම තරුණයා බවට වාර්තා වන බව ප්‍රදේශීය සෞඛ්‍ය බළධාරීහූ පවසති.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණමඩුවේ තරුණයකුට තෙවැනි වරටත් කොරෝනා
බද්රානි Sunday, 04 October 2020 04:58 PM
ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න හැකියාව තියන පුත්තලම් අයට කොරෝනා හැදෙන්නේ නැහැයි කියලයි මම නම් මෙච්චර කල් හිතාගෙන හිටියේ??
Upali Samarajeewa Sunday, 04 October 2020 05:30 PM
පුද්ගලයෙකු කොරෝනා සුව වූ පසු වෛරසයේ අවශේෂ ඔහුගේ සිරුරේ පවතී. PCR පරීක්ෂණය මගින් අවශේෂ (RNA අණුවේ කොටස්) හේතුවෙන් ධනාත්මක ප්‍රතික්‍රියාවක් ලබා දෙනු ඇත. PCR මත පදනම්ව පමණක් ප්‍රතිපල අර්ථ නිරූපණය කිරීමේදී යමෙකු වඩාත් ප්‍රවේශම් විය යුතුය. අවශේෂයන් නිසා ඇති විය හැකි හැකියාව ඉතා අසීරු බවට විද්‍යාත්මක සාක්ෂි තිබේ.
de silva Monday, 05 October 2020 06:02 AM
රෝගය වෙන කෙනෙක්ගෙන් මෙයාට නැවත අලුතෙන් බෝ වෙලා නොවේ ශරීරයේ සැඟවිලා තිබෙන්න ඇති.
sampath Thursday, 08 October 2020 10:59 AM
දැන් තියෙන්නේ කොරෝනා එක්කම ජීවත්වීම පමණයි. කවදාහරි බෙහෙතක් හොයාගන්න කම් තත්වය මෙයමයි. නැවත නැවත මතුවෙනවා නම් ආයේ මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ.