නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුව ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වලට අනුකූලව පාර්ලිමේන්තුව රැස්වන තුරු පාර්ලිමේන්තු රැස්විම් සඳහා සහභාගී නොවීමට ගත් තීරණය තම කණ්ඩායම කිසිඳු ලෙසකින්වත් වෙනස් නොකරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්රියදර්ශණ යාපා මහතා අද (11) පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී නොවූවද තම මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට පැමිණෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත සෞන්දර්ය නිකේතනයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සල්ලි විනාස නොකර ගෙදරට වෙලා ඉන්න.
කොහෙද ආණ්ඩු පක්ෂයක් තියෙන්නේ
මුදලින් ජනතා.. වෙසෙසින් යැපෙයි දිනපතා.. පවිටන් විලසා.. හැසිරෙයි සැවොම වෙහෙසා.. නොතකව් සදා.. මෙවන් මිනිසුන් කිසිදා...
අයියෝ බත් එකවත් කාල යන්න එන්න කෝ ...
ලැජ්ජ නැතුව තවමත් ආණ්ඩු පක්ෂය කියාගෙන ඉන්නවනේ මෙයාලා...
පාර්ලිමේන්තුවට හෝ කැන්ටිමට පැමිණීමෙන් පැමිණීමේ දීමනා සහ නොයෙකුත් දීමනා පාර්ලිමේන්තුවේ සැසිවාරයට සහභාගි නොවී ගන්නා දේශප්‍රේමීන්ව තොරතුරු දැනගැනීමේ පනතින් අපි හෙළිකරන්න සුදානම්...
ආණ්ඩු පක්ෂය හෙට පාර්ලිමේන්තුවට නැති උනාට කමක් නැහැ. ඇතුලට ඇවිල්ලා ජනරජයේ සංකේතය වන සෙංකෝලය උදුරාගෙන, කතානායක අසුනේ හෙන්චයියන් වාඩිකරවා, වටිනා පොත්පත් විනාශකර, සභා ගර්භයේ තිබෙන මහජන දේපොළ කඩා බිඳදමා, මිරිස්කුඩු වතුරෙන් ජනතා නියෝජිතයන් නහවනවාට වඩා නෑවිත් සිටින එක වඩා හොඳයි .......... ඒ අයටත් ටිකක් මොළේ පෑදිලා තිබෙන නිසාද? නැත්නම් බයටද? කොහොම උනත් පා-ණ්ඩු පක්ෂයක් පාර්ලිමේන්තුව වර්ජනය කරන ලෝකයේ එකම රට හැටියට "සුබ අනාගතයක්", "ඔබට දැන් සතුටුද ?" යන ජොලි වචන නිතර ඇසුන මේ ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය ගිනිස් ලෝක වාර්තා පොතට ළඟදීම ඇතුල් වෙනවා නොඅනුමානයි ....
පොකට් කාරයන්ට වෙච්ච දෙයක් ........