(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ (23) රාත්‍රියේ රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද,  ශ්‍රීලනිප මහ ලේකම්   දයාසිරි ජයසේකර ,ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, පිවිතුරු  හෙළ උරුමයේ නායක අමාත්‍ය  උදය ගම්මන්පිල ,ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණේ නායක  අමාත්‍ය වාසුදේව නානයක්කා,ලංකා සමසමාජ  පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී  වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ,රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්,වීරසුමන වීරසිංහ , ගෙවිඳු කුමාරතුංග, අසංක  නවරත්න යන මහත්වරුන්ද සහභාගී වී ඇත .
  
එම සාකච්ඡාව ඊයේ  පස්වරු 6ට පමණ ආරම්භ වී රාත්‍රී 8 පමණ  දක්වා පැය දෙකක පමණ කාලයක් පැවති බවද වාර්තා වේ .

හවුල්කාර පක්ෂ එක්ව ලබන දෙවැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත විශේෂ  රැස්වීම සම්බන්ධයෙන් සහ එහිදී  රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත  විකල්ප වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ .