(ඩයනා උදයංගනී,සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
වත්මන් රජයට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති බව අද (23) යළිත් තහවුරු වූ නිසා ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් වහාම ඉල්ලා අස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේ නොකර මැර බලයෙන් හෝ නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බලයේ සිටීමේ අයිතියක් රජයට නොමැති බවද ප්‍රේමදාස මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිවිරෝධී ආණ්ඩුවක් ඉල්ලා අස්වෙන්නේ මොකටද? ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක විය යුතුයි. ඔවුන් පන්නලා තිබුණු තත්වයට පැමිණිය යුතුයි..
ජනතාවට..., වැට් ගහලා.. ආයෙත් අමාරුවේ දාන්නද?
අවුරුදු 3ක් ගෙවෙනකම් බහුතරය තිබුණට මොනවද ජනතාවට කළෞ? හැමදේකටම වැට් ගහලා අහිංසක මිනිස්සු අමාරුවේ දැම්මා..
ජනාධිපතිගේ අභියෝගය බාරගෙන සංවාදයට යන්න ඊට පසු බලමු ඒගොල්ලෝ අස්වෙනවද ඕගොල්ලන්ව යනවද කියන එක.
මොකටද ඉල්ලා අස්වෙන්නේ? ජනාධිපතිතුමා අගමැතිකමට සුදුසු පුද්ගලයාව පත් කර තිබෙනවා. ඒ නිසා බහුතර කතාවක් මෙතන නැහැ. අපේ මහින්ද අගමැතිතුමාට බලය තියනවා අරලියගහ මැදුර බදාගන ඉන්න රනිල්ව එළවලා දාලා, යු.එන්.පී. මර්දනය කරලා එතුමාගේ බලය තහවුරු කර ගන්න. ඉදිරි කාලයේදී එතුමා අපේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවට කිසිම සැකයක් නැහැ. අපේ සියලුම ජනතාවගේ සහාය ආශීර්වාදය එතුමාට ලැබෙනවා!
ඒ මොකටද ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ? ඔයාලා මේ අවුරුදු 4ත් රටට පෙනෙන දැනෙන සංවර්ධනයක් නොකර ඔබලාම සංවර්ධනය වුන නිසා අපිට ඔබලාව එපා වුන බව ජනාධිපතිතුමා දැකලා අපි වෙනුවෙන් කටයුතු කළා. ජනාධිපති ක්‍රීයාත්මක කලේ ජනතාවගේ අවශ්‍යතාවයක්.
ෂා... ඔබ කියනකන් තමයි හිටියේ...