(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයට මුහුණ දෙන අතර අධ්‍යාපනය දෙන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් දරුවන් ලක්ෂ 45ක ගේ අනාගතය අඳුරු වෙමින් තිබෙන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
රජයේ රූපවාහිනී නාලිකා දෙක ඇතුළු සෙසු නාලිකා සම්බන්ධ කරගෙන දවස පුරා අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව කී කාරියවසම් මහතා මේ වන විට වසර එක හමාරක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය ඇනහිට ඇතැයිද තව කොපමණ කලක් ඒ තත්ත්වය පවතී දැයි නොදන්නා බවද සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ දරු පරපුරට ටැබ් පරිගණක දෙන්නට යන විට ඊට විරුද්ධව කටයුතු නොකළා නම් මෙවැනි බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවන බව ද කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් ක්‍රමය අමතක කරලා... පරණ ක්‍රමයට පාසල් විවෘත කළේ නැතිනම් විශාල මුදලක් විදේශීය ආයතනවලට දෙන්න වෙනවා ... අන්තර්ජාලය පාවිච්චි කළාම... ඔය ගතු කියන අය කඩේ යන්නේ අන්තර්ජාල ආයතන කාරයින්ට නැතිව රටට ආදරේට නොවේ. ස්තුතියි...!!!
ලංකාවේ අනාගතය නම් වලපල්ලට යනවා...!!!
ආයෙත් එලියට එනන හදන්නේ
බොලා කරත් මෙචචර තමා
අප්පුහාමි ලොක්කාගේ චීනක්කණ්ණාඩියේ වැරැදි පැත්තෙන් බලලා නේද ගාණ කිව්වේ..? ලෝකෙ පුරා තව කෝටි ගාණක් දරුවන්ට ඔය වැඩේම වෙලා තියෙනවා. මෙදාපාර දුර තියෙන රටවල් පෙණුනේ නැතිද?
අපි සෑමදෙනාම හැමවිටම බලන්නේ අනිත් එකාගේ ඇගේ ගෑවිතිබෙන අසුචි පිළිබඳව කෑමොරදීමනේ... අපිට පෙනෙන්නේ නැහැනේ අපි අසුචි වලේ බැහැගෙන නේද මේ කතා කරන්නේ කියලා. එහෙම නේද අකිල මල්ලියේ...? තමුන්ගේ කටේ අසුචි කප්පරක් පුරෝගෙන අනුන්ගේ අපිරිසිදුකම ගැන කතා කරන්න එපා‘‘ ...
ඒ කාලේ ආලෝක කරපු හැටි දැක්කම තමයි ගෙදර ඇරියේ. අනේ රනිල්ට මුට්ටිය අල්ලන් යන්න...
කතාව ඇත්ත. රජයේ කිසිම සැලැස්මක් නැහැ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒත් ඔබ ඔය කියන ටැබ් ළමයින්ට ගෙදර ගෙනියන්න දෙන්න හදපුවා නෙවෙයි. පාසල තුළ පන්ති කාමරයේ භාවිතයට පමණයි ඒක දෙන්න සැලසුම් කලේ. දැන් බොරු කියන්න එපා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එපා. ඒ ක්‍රියාවලිය මම හොඳින් දන්නවා. එය E-Book එකක් විදියට භාවිතා කරන්නයි සැලසුම තිබුණේ. හැබැයි මේ වනවිට නියමු ව්‍යාපෘතියක් විදියට තෝරාගත් පාසල්වලට ටැබ් බෙදා හරිමින් ඉන්නවා. ඒත් ඒවා ගෙදර ගෙනියන්න නෙවෙයි.
ඔයාලා ඔක්කොම හදන්නේ ඔන්ලයින් කරණය කරලා අපේ රටේ සල්ලි පිටරට ජාත්‍යන්තර ආයතනවලට ලැබාදීම... ඕකම තමයි කළින් ආණ්ඩුවත් කාලේ ලැප්ටොප් දුන්නා... ෆ්‍රී වයිෆයි දුන්නා... ඔයාලා රටට කරපු කිසිම දෙයක් නැහැ. නමට ඉස්සරහින් තියෙන්නේ ‘‘හිටපු‘‘ කෑල්ල විතරයි.