IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීම ආරම්භ කරලා‘

(නාලක සංජීව දහනායක)
 
තමන් මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලනික අර්බුද යටත් කර ගැනීම සඳහා ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (01)  පැවැසීය.

රජයේ ඇතිවී තිබෙන එම අර්බුද හේතුවෙන් නව වසර ජනතාවට සුභ නව වසරක් නොවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

මේ වනවිට රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ අර්බුදයෙන් රට මුදවාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කළා. එහිදී ඔහු මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් යටතේ මේ අර්බුද සඳහා විසඳුම් සෙව්වා.

 භාරකාර ආණ්ඩුව යටතේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තා. නමුත් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිව තිබෙන බවටත් දිවුරුම් ප‍්‍රකාශන 122ක් අධිකරණයට ඉදිරිපත් කළා. 
ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට රාජකාරී කිරීම අධිකරණය විසින් තහනම් කළා. 

පුංචි බොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමන් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීම ආරම්භ කරලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site