IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම ජනතාව වෙනුවෙන් සියල්ල ඉටු කරනවා’

(නිමල කොඩිතුවක්කු)
 
මැතිවරණ ඉලක්ක කරමින් කටයුතු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම රටත් ජනතාවත් වෙනුවෙන් සිදුකළ හැකි සියල්ල ඉටු කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ  මහතා කොළඹ දී පැවසීය.                                         

ඇතැම් පිරිස් මැතිවරණ ඉලක්ක කරමින් ක්‍රියා කරමින් සිටියත්  රට වෙනුවෙන් සිදුකළ කිසිවක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේ්ය.                                      

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.                       
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ  මහතා මෙසේ ද කීවේය.       

‘‘විද්‍යාව, තාක්ෂණය සහ පර්යේෂණ කියන මේ  අමාත්‍යාංශය  දියුණු රටක නම් ප්‍රධාන අමාත්‍යාංශ තුනෙන් එකක් බවට පත්වෙනවා.  මෙතන තමයි රටේ අනාගතය රැඳී තිබෙන්නේ.                       

අමාත්‍යංශයක් විදියට අපි ජනතාව බලාපොරොත්තු වන ලස්සන රට බිහිකිරීමට කැපවී ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් අපි මේ වනවිට විශාල පියවර රැසක් ගෙන තිබෙනවා.                                   

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටේ ඉදිරි ගමනට විශාල හානියක් සිදුවුණා. අපි දැන් ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්දනය කරමින් රට යථා තත්වයට පත්කරමින්  තිබෙනවා.  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වාර්තා ගත ලෙස ආර්ථික, සංවර්ධන  අංශයෙන් රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා.                                  

නැවතත් වාර්තාගත ලෙස සංචාරකයන් දිවයිනට පැමිණෙමින් සිටිනවා. මෙවැනි ත්‍රස්තවාදි ප්‍රහාරයකින් පසු ඉතා ඉක්මණින්ම නැවත සන තත්වයට පත්වූ එකම රට බවට අද අපේ රට පත්ව තිබෙනවා.

අපේ අමාත්‍යංශය ඇතුළු සියලුම අමාත්‍යංශ ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රියා කරගෙන යනවා. එහි ප්‍රතිඵල අද වනවිට අපේ ජනතාවට ලැබෙමින් පවතිනවා.

අපේ රජය කිසි වැඩක් නැහැ කියලා විපක්ෂය ඇතුළු පිරිස් අද චෝදනා කරනවා.  අපි මේ වසර  හතරහමාරක කාලය තුළ විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ඉදිරි කාලයත්  සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරලා තියෙනවා" යැයි ඒ මහතා පැවසීය.                                



අදහස් (0)

’ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම ජනතාව වෙනුවෙන් සියල්ල ඉටු කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site