(අංජුල මහික වීරරත්න)
ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සමග"හැප්පිය" යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලු බලවේග ඒකරාශී කරගෙන යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මේ මොහොතේ එම ප්‍රධාන අරමුණ කරා යන ගමන පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් ඵලක් නොවන බව ද එයින් වන්නේ කාලය නාස්ති වීමක් පමණකි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ දී රට මුහුණ දී සිටින අභියෝග වලින් ජනතාව මුදාගැනීමට නම් සියලු බලවේග සහ ජන කොටස් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා යායුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නවක මන්ත්‍රීවරුන් සඳහා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මන්ත්‍රී වැඩමුළුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.