IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


‘‘ආගමට අනුව ජිවත් වෙනවා නම් කිසිවකුටත් අත උස්සන්නේ නෑ‘‘

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉතාමත් ම ශෝක ජනක කණගාටුදායක සිදුවීමක් මේ වගේ දේවල් ආගමක් පදනම් කරගෙන සිදුවෙනවානම් ඉතාමත් අවාසනාවන්තයි.ආගම කියන්නේ මිනිසුන්ව යහපත් අතට ගෙනයන ක්‍රමවේදයක්. ඉතින් ආගමක් හරියට අදහනවා නම් තවත් මනුස්සයකුට  විරුද්ධව අත   උස්සන්න බෑ. අපිට ඒකයි ධර්මයෙන්  කියන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 

අගරදගුරු තුමන් ඒ බව පැවැසුවේ පාකිස්තානයේ දි කුරිරු ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ නිවෙසට ගොස් අවසන් ගෞවර දැක්වීමෙන් පසුවය.

කාදිනල් තුමෝ ප්‍රියන්ත කුමාර දියවඬන මහතාගේ බිරිය දරුවන් සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශය කළහ.

එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් කාදිනල් තුමෝ මෙසේ ද කීහ.  මේක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා.අපි බලාපොරොත්තුවෙනවා මේ වගේ දේවල් කරන අයට නිසි දඬුවම් ලැබෙයි කියලා .මේවා පිටි පස්සේ හුඟක් දුරට තියෙන්නේ  දේශපාලනය  ආගමෙන් සුපුල්වත් කරගන්න දරන උත්සහයක ප්‍රථිපලයක් විදිහටයි.

ආගමයි දේශපාලනයයි කියන්නේ දෙකක්.අපි ඒ දෙක වෙන් වෙන්ව තියාගන්න ඕනේ. අපි ඔක්කොමල්ලම එක සහෝදරයන් පිරිසක් ලෙස ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් හදා ගන්න ඕනේ. අපි විශ්වාස කරනවා පකිස්නතාය හරියාකාර   පරීක්ෂණයක් කරලා මේකේ  පිටුපස්සේ ඉන්න අය හොයාගෙන මෙම පවුලට  සාධාරණයක් කරයි කියලා. මේ  පවුලට වෙච්ච හානිය අඩුකරන්න මේ පවුලට රජයෙන් සහයෝගය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.



අදහස් (3)

‘‘ආගමට අනුව ජිවත් වෙනවා නම් කිසිවකුටත් අත උස්සන්නේ නෑ‘‘

විමර්ශන Tuesday, 07 December 2021 04:16 PM

එක් ආගමක පමණක් අන්තවාදීන් බිහිවීම ආගමේ ඇති ප්‍රශ්නයක් නොවෙයිද? එකම ආගම එක්එක් කණ්ඩායමට තමන් රිසිසේ තේරුම් ගන්නට ඉඩ නොදී තමාට වඩා වෙනස් වූවන් කුරීරු ලෙස ඝාතනය කරනවා නම් එය ආගම ඇදහීමක් කිව හැකිද? ප්ලේටෝ කියා ඇත්තේ ‘ආගම’ යන සංකල්පය කොහොමත් විවිධ පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව විවිධ ආකාරයට තේරුම් යාම නොවැළැක්විය හැකියි කියලා. රස්සාවක් නැති හැමෝටම නිසි නියාමනයක් නොමැතිව ලෝගු දාගත් පූජකයින් වෙන්න දුන්නාම ඔවුන් මිනිසුන්ගේ මොළ සේදීම සිදු කරනවා. සෑම ආගමික ස්ථානයක්ම නියාමනය කරන්න.

:       0       1

Bamunuarachchi Tuesday, 07 December 2021 06:51 PM

කාදිනල්තුමනි, මහ මොලකරු බමුණුආරච්චි පුන පුන කියන අර ගොයියා කියලා පිළිගන්නවද?

:       1       0

Bamunuarachchi Wednesday, 08 December 2021 08:15 AM

ඇයි කාදිනල් තුමනි, එක්තරා ආගමික කොටසක් ආගමට අනුව ජීවත් වීම නිසා නේද මේ සියල්ල සිද්ද වුනේ? ගිනිතබා පුච්චා දමද්දීත් කියා තිබෙන්නේ අල්ලහුඅක්බර් කියලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1618 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site