IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අහසට වෙඩි තැබූ එස් අයි ගැන විනය ක්‍රියාමාර්ග

(ඉන්දිකා  රාමනායක)

කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්ප කණ්ඩායමකට  පිරිසක්   බාධා  කිරීමත් සමඟම අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කළ උප පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය.

මෙම සිද්ධිය උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස අහසට වෙඩි තබා පාලනය කළ ද , වෙඩි තැබීම සම්බන්ධයෙන්  පොලීසිය දැනුවත් නොකිරීම නිසා මෙම පියවර ගෙන  ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කුප්පියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත්  (21) රාත්‍රියේ මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු ගේ ඥාතීන් පොලිසියට පොලීසියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එහිදී උප පොලිස්  පරීක්ෂකවරයා අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කර සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන විත් තිබිණි.

මෙම සිද්ධියේදී උප පොලිස්  පරීක්ෂකවරයා  නියමිත ලෙස  සිය රාජකාරිය ඉටු කළ ද ,අහසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලීසිය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය .

 



අදහස් (12)

අහසට වෙඩි තැබූ එස් අයි ගැන විනය ක්‍රියාමාර්ග

Nuwa Saturday, 23 October 2021 05:31 PM

අහසට වෙඩි තැබීම කියන්නේ එකක්.. ආයුධ පෙන්වන්න එක්ක ගිහින් පොළවට වෙඩි තියනවා කියන්නේ තවත් එකක්.. පොළවට වෙඩි තිබ්බාට කමක් නෑ.. අහසට තියනවා එහෙම නෙවෙයි...

:       8       34

සමන්ත Sunday, 24 October 2021 09:35 AM

ඔබතුමා නිවැරැදි අහසට වෙඩි තියන්න පොලිසිය අමත අමතා හිටියා නම් වෙන්න තියෙන දේවල් ගොඩාක් වෙන්න තිබ්බා. හරියට පාස්කු ප්‍රහාරය වගේ ලිපි හුවමාරු වුනා මිසක් ඒ පිළිබඳව ගත් නිවැරැදි තීරණයක් නොගැනීම නිසා සිදුවූ දේ ...

:       0       6

කිරි පුතා Saturday, 23 October 2021 08:12 PM

එම නිළධාරියා කරලා තියෙන්නේ නිවැරදිම දේ නෙ. ඉතින් ඒකටත් විනය පරීක්ෂණ කරන්න ගියහම කොහොමද පොලිසිය රාජකාරි කරන්නෙ.

:       0       1

මුදියන්සේ, Saturday, 23 October 2021 08:13 PM

මෙවන් අවස්ථාවක තත්ත්වය පාලනය කිරීම පිනිස පොලිස් නිලධාරියෙකුට අහසට වෙඩි තැබීම කළ නොහැකි ද ? පොලිස් මූලස්ථානය අමතා අනුමැතිය ලැබෙනතුරු සිටිය හොත් යම් හානියක් පවා විය හැකි බැවින් නිලධාරියෙකුට මෙවන් තීරණය ගැනීමට අවස්ථාව විය යුතු නොවේද. ?

:       0       1

sampath Saturday, 23 October 2021 10:36 PM

අහසට හරි තියලා තත්වය පාලනය කරපු එකට ඒ නිලධාරියාට උසස් වීමක් දෙන්නයි තියෙන්නේ.

:       0       5

නිමල් Saturday, 23 October 2021 10:37 PM

ඉතින් එහෙම තමයි කරන්න ඕනෑ. රාජ්‍ය නිලධාරීන් චන්ඩින්ගෙ අනට යටත් වීම රාජ්‍යයට අගෞරවයක්

:       0       4

Royfedricks Sunday, 24 October 2021 04:12 AM

කිසිවෙකුට හානි නොවන ලෙස ක්‍රියාකල නිලදාරියාට විනය ක්‍රියාමාර්ග. අවි පෙන්වන්න එක්ක ගිහින් මිනිමරන අයට උසස්වීම්. මෙයින් අපට දෙන පනිවිඩ්ය කුමක්ද? මේ නිලදාරිය කාගෙවත් පදයට නටන කෙනෙක් නොවන බව නොවේද? ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.

:       0       7

ගොබ්බසේන Sunday, 24 October 2021 05:53 AM

අපූරු නීති නොවැ. සැකකරු අත් අඩංගුවට ගන්න ගියාම අවම බබලය පාවිච්චි කරන්න පුලුවන්ලු වරද ආයුධ පෙන්නන්න ගෙන නොගිය එකද.

:       0       5

අසංග Sunday, 24 October 2021 09:36 AM

හදිසි අවස්ථාවකදී පොලිසියට අහසටවත් වෙඩිතියන්න බැරිද. එස් අයි මහත්මය හරිනෙ. මිනි මරන්නෙ නැතිව අත්අඩංගුවට ගත්තනෙ.

:       0       6

Senarath Sunday, 24 October 2021 09:57 AM

ලොකු පුටුවල ඉඳගෙන සුළු නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියන නිලධාරීන් මේවන් සිද්ධි වලට මුහුණ දීලා නැතුව ඇති.

:       0       6

gagana Sunday, 24 October 2021 11:31 AM

ඇත්ත සිද්දිය යටගහලා. අහසේ හිටපු කාකෙක්ට වෙඩිපහර වැදිලා කාක්කා මැරිලා බිම වැටුනු නිසා ඝාතනයක් කරපු චෝදනාවට ඔහුව අත්අඩංගුවට අරන්.

:       0       2

Bamunuarachchi Sunday, 24 October 2021 02:09 PM

පොලිස් පරීක්ෂකතුමා මීට පසු පොලිසියට පැමිණ මම දැන් අහසට වෙඩි තියනවා කියලා පොතේ සටහන් කරගන්න. අහසට වෙඩි තියා දාමරිකයින් මට්ටු කරන්න. හිතෙන්නැද්ද පොලිසිය දාලා යන්න. මම නම් මගේ බල්ලෙක් වත් පොලිස් බල්ලෙක් කරන්නේ නැත.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site