
(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍ය සාකච්ඡාවකදී ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටි බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව විනිසුරුවරයා කියා සිටියේය.
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණි ජයනන්ද වලේබොඩ යන අයට මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරිමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මාර්තු අට වැනි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විත්තිකරු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකකරු මාස නවයකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටියේය.
( ඡායාරුපය ශාන්ත රත්නායක )

COMMENTS
ජාතිවාදය අවුස්සා රටේ ප්‍රශ්න අමතක කරවීමට ගත් මේ නීච ක්‍රියාව නිසා කොපමණ මුස්ලිම් තරුණයන් සංඛ්‍යාවක් මරාගෙන මැරීමට සිත හදාගෙන ඇද්ද? අවාසනාවට මේ බෝමබ වලට ගොදුරුවන්නේ කුමන්ත්‍රණ කළ ආණ්ඩු පක්ශයේ කාලකන්නි දේශපාලකයන් නොව, අහින්සක පුරවැසියන් පමණි.
අපි නම් නඩු තීන්දුව දීල හුගක් කල්…!
නිකම් බොරු වැඩ කරනවා. දැන් මේ වගේ අය හිටු පිණුම් ගහවි
මේ විහිළු ප්‍රවේශයට කොහෙන් හිනා වෙන්නද දන්නේ නැහැ? ඥානසාර හිමිගේ කන්නලව්ව ජනපතිගේ කනට සැරටම වැටිලා වගේ..!!!
කෝ මේ අපේ බමුණා ?කොහෙද හැංගිලා ඉන්නේ?
අද අප රටේ ජාතිවාදයයි ,ආගම්වාදයයි අවුස්සන විදියට කතා කරන අනෙකුත් අය නිදැල්ලේ සිටිද්දී මොහුව නිරපරාදේ කිහිප දෙනෙකුගේ මන දොළ සපුරාලන්නට රිමාන්ඩ් කරපු බවකුයි පෙනෙන්න තියෙන්නේ.නැතිනම් ඔහුව නිදොස් කොට නිදහස් කරයිද ?අධිකරණයේ තීන්දුවට අපි ගරු කල යුතුයි.
රටේ තිබුණු නීතියත් නෑ වගේ දැන්
ඔව් අපි දැන් හුරේ දාමු
එක රටක්,එක නීතියක් උනාම මෙහෙම තමා.ඉතිරි කොටස තවත් රසවත්.දැන් කොහොමත් එකයි..පාස්කු ප්‍රහාරය ගැන කරනවා කියන පරීක්ෂණ ගැනත් හිතා ගන්න පුලුවන් රට්ටුන්ට.
ජාතින් අතර අසමගිය වෙන කතානම් නොකරන්නේ කවුද?
කවද්ද ආණ්ඩුවට එකතුවෙන්නේ ?
මොහු වෙනුවෙන් කතා කරන සිංහලයින්ට නම් හෙනම තමයි..!