IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත් හිටපු ආදායම් බදු තක්සේරුකරුවකුට වසර 20 ක සිරදඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර)

 

අඩු වටිනාකමක් යෙදු තක්සේරු වාර්තාවක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 10,000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරුකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

 

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/-ක දඩයකට ද යටත් කළ විනිසුරුවරයා මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් 25,000/-ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

 

විත්තිකරු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 10,000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ නියම කළ දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසර 6 ක සිරදඬුවමක්ද නියම කළේය.

 

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකරුට දඩුවම් නියම කළේය.

 

විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.

 

චෝදනාවට වරදකරුවීමෙන් මෙලෙස දඬුවම් නියම වුයේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු වශයෙන් සේවය කළ එච්.බී. ජගත් නමැත්තාටය.

 

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

 

අල්ලස් කොමිසමේ පොලිස් පරීක්‍ෂක සී.ඒ. ගුණවර්ධන මහතා මෙහි විමර්ශන නිලධාරීවරයා ලෙස කටයුතු කළ අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සශිකා චන්ද්‍රවංශ මහත්මිය පෙනී සිටියාය.



අදහස් (6)

අල්ලස් ගත් හිටපු ආදායම් බදු තක්සේරුකරුවකුට වසර 20 ක සිරදඬුවමක්

damith Friday, 13 March 2020 01:49 PM

දඬුවම කමක් නෑ. ඒත් මිලියන බිලියන ගණන් ගසාකන අයට දඬුවම් දෙන්න තියා වරෙන්තුවක් නිකුත් කොන්ද පණ නැති එක තමයි ප්‍රශ්නේ...

:       0       13

de silva Friday, 13 March 2020 02:22 PM

මේ ලංකාවේද ? සාමාන්‍යයෙන් ලංකාවේ රජයේ නිලධාරියෝ පගාව අරගෙන අහුවෙලා හිරේ යන්නේ හරිම කලාතුරකින්.

:       0       0

රට වෑසියා Friday, 13 March 2020 03:02 PM

රුපියල් 10,000 කට අවුරුදු 10ක් හිරේ යවන එක සාධාරණ නෑ. එතකොට මිලියන ගණන් වංචා කරන අය කොච්චර කාලයකටද යවන්නෙ ? මිනිහෙක්ගෙ ජීවිත කාලය අවුරුදු 1000 ක් වත් නම් මේ දඩුවම සාධාරණයි. ගරු විනිසුරුවරුන්ගේ හා වගකිය යුත්තන්ගේ අවධානය යොමු වෙවා !

:       0       1

Prasanna Perera Friday, 13 March 2020 03:23 PM

ඉන්කම් ටැක්ස් එකේ ඉඳන් මේ මනුස්සයා මොන එහෙකට මේ සොච්චම් පගාව ගැහුවද? මේ ජීවිතේ එක සැරයක් කරපු දෙයක් ද දන්නේ නෑ. සමහරවිට මෙයාව කොටු කරන්නම ගහපු ගේමක් වගේ පේන්නේ. මේ දුන්නු දඬුවම ඒ පවුලටම දුන්නු, හෙන ගහන අපරාධයක්. රු. 10,000කට අවුරුදු 20 නම්, රට පුරාම කෙරෙන මිලියන ගණන් පගා, කොමිස් ගැහිලි එක්ක එක රාජ්‍ය සේවකයෙක් වත් ඉතුරු වෙන්නේ නෑ. රියදුරු බලපත ගන්න තැන එතැනම, කාර්එක ඇතුලේම පගා ගහනවා මීට වැඩිය එක දවසකට...

:       0       4

Dr. sIRILAL Saturday, 14 March 2020 03:05 AM

පහත් තැනින් යයි ගලා ජලේ...

:       0       2

Jayantha Saturday, 14 March 2020 05:51 AM

එයාර් බස් ඩීල් එකෙන් සහ මිග් එයාර් ගුවන් යාත්‍රාවලින් කෝටි ගණන් ගහපු අය රටේ නායකයින් වෙනවා. රුපියල් 10,000ක් ගහපු එකා අවුරුදු 20කට හිරේ යනවා. මාර රටක්නේ මේක...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site