(රන්ජන් කස්තුරි)

දෙවන පාසල් වාරයේ සිසුන්ගේ මෙන්ම ගුරුවරන්ගේ පැමිණීම සාර්ථක බව අධ්‍යාපන අමාථ්‍යංශය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශය ලබාදී තිබූ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසල්වලට පැමිණ සිටියහ.

අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත එක් පන්තියකට ගෙන්වා  තිබුණේ සිසුන් 15ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකි. සිසුන් අතර පරතරය ඇතිවන ආකාරයට පන්ති කාමර සකස්කර තිබුණි.

ඇතැම් පාසල්වල අලුත් අවුරුදු කැවිලි සංග්‍රහ වැනි වැඩසටහන් ද පැළ සිටුවීමේ වැඩසටහන් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)