(කේ.බුද්ධික කුමාරසිරි )
කිසිදු කැපුම් තුවාලයක් රහිතව අල්ට‍්‍රා සොනික් තාක්ෂණය යොදා ගනිමින් උගුරේ කළ සැත්කමකින් පිළිකාවක් හෝමාගම මූලික රෝහලේදී සාර්ථකව ඉවත් කළ බව රෝහලේ උගුර කණ නාසය සහ බෙල්ල පිලිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.
මෙම සැත්කම ශී‍්‍ර ලංකාවේ ප්‍රථම වරට සිදු කළබවද ඒ මහතා සඳහන් කළේය.
පානදුර ප‍්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (05) මෙලෙස ශල්‍ය කර්මයට ලක් කර තිබිණි.
එම රෝගියා සති තුනකට පමණ පෙර තමා හමු වී රෝගි තත්වය පිළිබදව පැවසීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී උගුරෙහි හුස්ම ගැනිමට අපහසු අන්දමේ ගෙඩියක් වැනි යමක් නිරීක්ෂණයට ලක්වූ බවත්, ඉන් අනතුරුව රෝගියාට හුස්ම ගැනිම සදහා බෙල්ලෙන් පිටතට බටයක් සවිකර රෝගියාට හුස්ම ගැනිම පහසු කරවීමට ප‍්‍රථමයෙන්ම කටයුතු කළ බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.
පසුව එම ගෙඩියෙහි කොටසක් පරීක්ෂණයට භාජනය කර එය පිළිකාවක් බවට හදුනා ගැනිමෙන් පසු ට‍්‍රාන්ස් ඕරල් එන්ඩ‍්‍රස්කොපි අල්ට‍්‍රාසොනික් තාක්ෂණය යොදා ගනිමින් රෝගියාට කිසිදු තුවාලයක් සිදු නොකට මුව තුලින් උගුර හරහා යවන ලද කැමරා භාවිතයෙන් අදාල පිලිකාවෙන් සියයට අනූ අටක පමණ කොටසක් ඉවත් කිරීමට හැකි වී තිබේ.
ඉතිරි කොටසද වෙනත් ක‍්‍රමවේදයක් ඔස්සේ ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද උගුරේ පිළිකාවක මූලික අවධියේදි හදුනා ගැනිමෙන් පසු සියයට සියයක්ම මේ ආකාරයෙන් ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කිරීමට හැකි බවද වෛද්‍ය රිස්නි සකාෆ් මහතා පැවසීය.



COMMENTS
මෙම සැත්කම සාර්ථකව කළ සියලුම දෙනාට රෝගියා වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. වෛද්‍ය රිස්නි සකාෆ් මහතාණෙනි, ඔබට ගොඩක් පින්...
මේවා දකිනකොට GMOA එකට ඉන්න බැරුව ඇති... ඒ අයට ඕනේ ඔක්කොම අවුල් කරලා වැජඹෙන්නනේ. අපේ රටේ ගරු කටයුතු දොස්තර මහතුන්ගේ නමත් කැත වෙනවා ඒ ත්‍රස්තවාදී සංවිධානය නිසා...
මෙම සැත්කම සාර්ථකව කළ සියලුම දෙනාට රෝගියා වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරමි. වෛද්‍ය රිස්නි සකාෆ් මහතාණෙනි, ඔබට ගොඩක් පින්...මගේ නෑදෑයෙක් ලෙස රිස්නි මහත්මයාණෙනි පෞද්ගලිකව මම අහිංසක සතුටුක් ලබමී .. අල්ලාහ් ඔබට ආශීර්වාද කරත්වා..!!!
අත්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ, වාහල්කඩ වෙදහාමුදුරුවෝ ළඟට ගියානම් පිළිකාවල් නිට්ටාවටම හොඳ කරනවා.. දින 14න් මැරෙනවා කියපු මගේම අම්මව දින 21න් නිට්ටාවට සුව කලේ ඒ හාමුදුරුවෝ.. ශත පහක්වත් මුදල් අයකරන්නේ නැහැ...පුදුමාකාරයි "පාරම්පරික" සිංහල බෙහෙතේ බලය... එතන බටහිර වෛද්‍යවරු පවා ඇවිත් බෙහෙත් කරගන්නවා... අවසාන සී.ටී. ස්කෑන් එකේ ප්‍රතිඵල බලලා බටහිර වෛද්‍යවරු පුදුමවුණා.
නොදන්න දෙවල් ලියනකොට හරියට අහගෙන ලියන්න. මේකත් සැත්කමක් පිටට තුවාල නැති...
සම්පත් අපි කොහොමද ඔයාගෙන් මේ හාමුදුරුවෝ ගැන දැනගන්නේ? ඔයාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් කියන්න.