(නාලක සංජීව දහනායක)
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය හෙට (5) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂනායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (4) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව සන්ධානයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවැසීය.
රජය විසින් ගැසට් කර තිබෙන ඉඩම් පනතට තමන් කැබිනට් මණ්ඩලයේදී විරෝධය දැක්වුවද අගමැතිවරයාගේ මෙහෙයවීම මත එම පනත මේ වනවිට ගැසට් කර තිබෙන බව කියා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනිද්දා (6) ප‍්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ.
මේ ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ රජය සමඟ තවදුරටත් කටයුතු කිරීම අපහසු බව පවසා ඇති ජනාධිපතිවරයා ආණ්ඩු විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැඟීම ස`දහා සිංහල අවුරුද්දෙන් පසුව සියලූම දෙනා එක්විය යුතු බවද පවසා ඇත.
COMMENTS
ඔව් ඔව් පුළුල් සන්ධානයක් ගොඩනගලා හරි මේ කට්ටියගේ හොර මැරකම් නවත්වන එක නම් හොඳයි. හැබැයි, ඔබ තුමා ඉඟුරු දීලා ගන්න යන්නේ මිරිස් බවත් නොදැන ඉන්න විදිහක් නැහැනේ. අපි නම් දන්නවා.
අදට වැඩිය හෙට හොඳ වෙන පාටක් නැහැ වගෙයි. පොහොට්ටුව හදන්නේ මොන ක්‍රමයකින් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ටික කොල්ල කන්න.
ප්‍රතිපත්තියක් නැති නායකයෙක් නිසා ශක්තිමත් පක්ෂයක් ත්‍රීවීලර් පක්ෂයක් වුනා. පක්ෂයක් හරියට රැකගන්න බැරි මනුස්සයා කොහෙද රටක් කරන්නේ නේද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තම පක්ෂ නායකයා සිරිසේන මහතා බව පිලිගන්නවා නම් එතුමා රටේ නායකයා හා ආණ්ඩුවේ නායකයා බව පිලිගන්නවා නම්, අයවැයෙන් තනි පුද්ගලයෙකුට වැඩිම මුදලක් වෙන් කර තිබෙන්නේත් තම පක්ෂ නායක ජනාධිපතිතුමාට බව පිළිගන්නවානම් අයවැයට පක්ෂව චන්දය දියයුතුයි. රටේ නායකත්වය වෙනත් පුද්ගලයෙකුට දීමට කැමතිනම් අයවැයට විරුද්ධව චන්දය දෙන්න .අපිට කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔය නායකයෝ මඩේ හිටවපු ඉනි වගේ වුණාට ඡන්ද දායකයෝ එහෙම නැහැ. ඡන්දදායකයෝ දන්නවා කූඩුව ඇතුළට ගිහිල්ලා මොනවද කළ යුත්තේ කියලා..
අද ආරංචි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනෙක්ම අයවැය ඡන්දය තියෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්නේ නැති කතාවක්. ඒ ගොල්ලෝ රනිල් එක්ක සාකච්ඡාවකුත් ඉල්ලලා තියෙන බවයි කියන්නේ. ඔහෙ පලයන් කිව්වලු.