(මුදිතා දයානන්ද )
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
ඉතාමත් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබුණද ඔහු එම පක්ෂයේ සාමාජිකයෙක් නොවන නිසා ඔහු සමග වෙනම සාකච්ඡා කළ යුතුව ඇතැයිද අමරවිර මහතා එහිදි පැවසීය.
තම පක්ෂයේ අරමුණ පුද්ගලයෙක් දිනවිම නොව රටට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී එය ක‍්‍රියාවට නැගීම බවද ඔහු පැවසීය.එම ප‍්‍රතිපත්ති මාලාව මේ වන විට සකස් කර ඇති බවද ඔහු පැවසීය.
ඇමති මණ්ඩලය තිහකට සීමා කිරීම, මනාප ක‍්‍රමයක් නැති පක්ෂ තුළ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් ඇති නොකරණ, කුඩු කාරයින්ට හා ජාවාරම්කාරයින්ට ඉදිරිපත් වීමට ඉඩක් නොලැබෙන නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරිම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් කාර්මික නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරිමට ක‍්‍රමවේදයක් සැකසීම, විදේශ ණයෙන් ක‍්‍රමානුකුළව මිදෙන ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කිරිම, මෙම ප‍්‍රතිපත්ති මාලාවට ඇතුළත් වන බවද අමරවීර මහතා පැවසීය
COMMENTS
ලැජ්ජා නැති පෙරමුණ කියලා නම වෙනස් කරගත්තා නම් හරියටම ගැලපෙනවා. ශ්‍රීලනිපයට ටොකු ඇන ඇන පොහොට්ටුව ලස්සනට ඔවුන්ගේ ගමන ඔවුන්ට ඕනෑ විදියට යනවා. මෙයලා පැන පැන ඔලුව දෙනවා විතරයි ..
ඔච්චර ජන බලයක් තියෙනවනම් ඇයි දණින් වැටෙන්නේ ..දාන්නකෝ අපේක්ෂකයෙක්...කතාව විතරයි .
කුඩු ජාවාරම්කාරයින්ට ඉදිරිපත් වීමට ඉඩක් නොලැබෙන නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරිම නම් විහිලුවක්.
දෙන්න නම් එපා මහත්තයෝ...!!!
මෙයාලගේ නායකතුමා සහ අනිත් අය සජිත් මහත්මයාට ලණුවක් දීලා තියෙන්නේ... අවසානය සජිත්, කරු ජයසූරිය සහ ගෝඨාභය යන මහත්වරු අතර සටනක් මෙවර එන බව හිතෙන්නේ මට විතරද?
කටින් බතල හිටවනවා වගේ. ප්‍රතිපත්ති ගැන කියන්නේ බොරුවට ඡන්ද ගන්න ඕනෑවට, මොන නායකයාද මැතිවරණ කාලේ කියපු දේවල් පොරොන්දු ඉෂ්ඨ කෙරුවේ.. ඕවා සුරංගනා කතා විතරයි. ඔය කිසිම කෙනෙක් දන්නේ නැහැ රටක් පාලනය කරන්න. අඩුම තරමේ ඇමති කමටවත් සුදුසු නැහැ. රටේ නායකයෝ දුප්පතාගේ දේ හොරා කනවද? නායකයා නීතියට පිටින් වැඩකරනවද? මේ හැමදේම කරන්නේ දුප්පත් රටවල නායකයින් පමණයි. හිතක්, පපුවක් නැති තිරිසන්නු, තමාගේ පවුල ගොඩගන්න එන්නේ... රටේ නීතිය තම අතට අරගෙන... මෙරට නැවත සුද්දාට පමණයි ගොඩ ගන්න පුළුවන්...
දැන් ඔය ඉදිරිපත් කරලා ඉන්නේ හොඳ පුද්ගලයෙක්ද?
අතිශය අසාර්ථක හමුවීමක්
මේ ලෝකේ ලැජ්ජාවක් නැති මහලේකම් කෙනෙක් අපි නම් ඉතිහාසේවත් දැකලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැති කරපු අය ගාව දණින් වැටි වැටී මේ දොඩන වහසිබස් මොනතරම් ලැජ්ජා සහගතද? මේවට පොහොට්ටුවේ අර ලණු ගිලපු ජනපති ලොක්කා සම්පූර්ණයෙන් වගකිව යුතුයි.
හම්බ වෙන්න ගියාට වැඩක් වෙන එකක් නැහැ. කොන්දේසි විරහිතව සහය දෙන්න කියලා ගෝඨා කියාවි.