IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘අමරදේව අසපුවේ ඉදිකිරීම් නාවික හමුදාවට බාරදෙන්න‘‘

(අජන්ත කුමාර අගලකඩ)

ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බත්තරමුල්ල අපේගම පරිශ්‍රෙය් අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ නාවික හමුදාවට බාර දෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලීමක්  කර ඇත.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් මෙරට සංගීත ක්ෂේත්‍රයට කරන ලද ජාතික මෙහෙවර අගය කිරීම සඳහා මෙම අමරදේව අසපුව ඉදිකිරීමට පියවර ගනුලැබුවේ එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පර්චස් 100 ක භූමි ප්‍රදේශයක් ඒ සඳහා වෙන්කර ඇති අතර අමරදේව අසපුව ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 25 කි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව පවරන ලද පෞද්ගලික සමාගමේ ඉදිකිරීම් කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි.

ඒ අනුව දැනට ඉදිකිරීම් කටයුතු යුද හමුදාවට හෝ නාවික හමුදාවට පවරන ලෙසත් අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙසත් ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

 

 



අදහස් (3)

‘‘අමරදේව අසපුවේ ඉදිකිරීම් නාවික හමුදාවට බාරදෙන්න‘‘

Pradeep Monday, 02 March 2020 04:29 PM

රටේ බිහිවූ යුග පුරුෂයෙකුට, විශේෂයෙන්ම හෙළයේ මහා ඝාන්ධර්වයා යන විරුධාවලිය ලත් අමරදේව ශුරින්ට උපහාර දැක්වීම ඉතාමත් හොදයි. නමුත් දැනට රටේ පවතින තත්වය අනුව කෝටි 25ක විශාල මුදලක් මෙවැනි දේකට වැය කිරීම මම නම් දකින්නේ අපරාධයක් ලෙසයි. මිට වඩා අඩු වියදමකින් ඔහු වෙනුවෙන් යමක් කරනවානම් හොද බවයි මගේ වැටහීම.

:       114       4

NuwanTuesday, 03 March 2020 07:48 AM

සහතික ඇත්ත. ඔය භෞතික ඉදිකිරීම් නොවේ කරන්න ඕන. එතුමා සිහිවෙන්න , ඔය මුදල යොදවලා ශිෂ්‍යත්ව කියක් නම් දෙන්න තිබ්බද ? සංගීතය ඉගන ගන්න දරුවන් වෙනුවෙන්. ඒක එතුමාට කරන පිනක්. ඔය තරම් විශාල මුදලක් වියදම් කළේ නැහැ එතුමා ජිවත්ව ඉද්දිවත්. එතුමාගේ පහසුව සදහා. මේ අයට පිස්සු. එක්කෝ හොද ගැහිල්ලක් ඇති ඔතන. අමරදේවයන් කියන්නේ තමන්ට ඉන්දියාවේ සංගීතය ඉගනගන්න යන්න එකල ප්‍රසිද්ධ පුවත්පත් කතෘ කෙනෙක් විසින් ඇරඹු අරමුදලට ආධාර කරපු සියලු මහජනතාවගේ නම් ලිස්ට් ඒක මැරෙන තුරාවට තමාගේ මේසය මත තබාගෙන හිටි සංවේදී කෘතහස්ත පුද්ගලයෙක්. එතුමා වෙනුවෙන් කරන්න ඕන කොන්ක්‍රීට් බිල්ඩින් අසපු හදන ඒක නෙවේ.

:       0       1

kamal Tuesday, 03 March 2020 08:14 AM

රටේ මතු දියුණුවට මේ කෝටි 25 හේ අසපුව නැතුවම බැහැ. පිත්ත පටි කපන්න, කතා පවත්වන්න, පින්තූර ගන්න, ට්වි එකේ පෙනිසිටින්න, නම ගල් පොත්තක කොටා ගන්න කරන පුහු වැඩක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site