(පද්මා කුමාරී කංකානම්ගේ )
තවමත් මිල තක්සේරු නොකළ,"අම්බර "නම් වටිනා සත්තව කොටස් කිලෝ 11 ක්,කල්පිටිය කන්දකුළිය වෙරළේ ධීවරයකුගේ බෝට්ටුවේ තිබියදී, ධීවරයා ද සමගින් අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මුහුදු ක්ෂීරපායී සතෙකු වන තල්මසාගේ සත්ත්ව කොටසක් වන මෙම අම්බර තමා සන්තකයේ තබා ගැනීම,වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් බව අත්අඩංගුවට ගත් කල්පිටිය පොලිසිය පවසයි.
අප මේ පිළිබදව කල්පිටිය වනජීවී දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරතැන්න මහතාගෙන් විමසූවෙමු.
"අම්බර නිෂ්පාදනය වන්නේ තල්මසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේ.දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා රාශියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙම අම්බර නිෂ්පාදනය වන්නේ.පසුව තල්මසාගේ වමනය වශයෙන් හෝ මළ පහ සමගින් මේවා සාගරයට එකතුවෙනවා."
"ඉතා දුර්ලහ නිසා මේවා වටිනවා.සුවද විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බවත් පැවසෙනවා."
සැකකරු සහ අම්බර පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
COMMENTS
මේ නිතිය මට නම් මහත්ම ප්‍රශ්නකාරිවුන එකක්... මේ ධීවරයා මුහුදු යන්නේ මාළු අල්ලන්න මිසක් තල්මස් දඩයමේ නොවන බව හොඳටම පෙනෙනවා. තල්මසාව අල්ලාගෙන මෙයා මේ ඇම්බර් අරගන්නෙත් නැහැ. එහෙම අරගන්න තල්මසා ඉඩ දෙන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම මේවා තල්මසාගෙන් පිටවෙලා මුහුදේ පාවී පාවී තිබෙන ද්‍රව්‍යය... මෙය ස්වාභාවික ද්‍රව්‍යයක්. අයිතිකාරයෙක් නැහැ. මුලින්ම දකිනකෙනා අරගන්නවා. මේ ධීවරයා අහුලා නොගත්තත් වෙන ධීවරයෙක් අහුලා ගන්නවා. මේකත් හරියට මාලුවෙක් අල්ලනවා වගේ තමයි. කවුරුවත් නොදක්කොත් අවුරුදු ගණනක් ගිහිල්ලා හරි කාට හරි හම්බවෙනවා. එහෙම දෙයක්... ඒ කියන්නේ සමාජයට අහිතකර දෙයකුත් නොවන.. මේ ඇම්බර් මුහුදෙන් අහුලාගැනීම නීති විරෝධී කිරීම සාධාරණද...? මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ගව්රවනිය තීන්දුව මම බලාගෙන ඉන්නවා.
මේක ගන්නෙ සතාට හානියක් නොකර නම් ඒ මනුස්සයා අපරාධයක් කරලා නෑනෙ? මේක මත්ද්‍රව්‍යකුත් නෙවෙයි. මුහුදෙ පාවෙන දෙයක් ලඟ තියා ගැනීම අත්අඩංගුවට ගන්න හේතුවක් වෙන්නෙ කොහොමද?
මුහුදේ පාවෙන තල්මසාගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය ගොඩට ගෙනත් විකුණන එකේ වරදක් මම නොදකිමි
මෙරටේ එවැනි දෙයක් හමුවුනොත් අයිති සොයාගත්තා කෙනාටයි. එතකොට අහසෙන් උල්කාපාතයක් තමාගේ වත්තට වැටුනොත් එකත් අයත් වන්නේ රජයටද?
අපේ ලොකුමහත්තයා මැදිහත් නොවුනොත් තක්සේරු නොකල අම්බර කිලෝ 11 තක්සේරුවෙන් පස්සෙ රජයේ ජේශ්ට අම්බරුවෙක් අතට පත් වෙනවා වෙනවාමයි.
ඕක සතා විසින් පිට කරන දෙයක්නේ... ඇගේ කොටසක් නෙවේ.. ඔක නීතිවිරෝධී වෙන්න බෑ. සමහරවිට මේකේ වටිනාකම නිසා ඕකට ගේම් එකක් දෙන්න හදනවා වෙන්න පුලුවන්... පොලීසියේ සමහර අය පොඩ්ඩක් ඇහ ගහගෙන ඉන්න.
ඉතාමත් වටිනා දෙයක් කියලත් කියනවා... තල්මසාගේ වමනය හෝ මල සමග ශරීරයෙන් පිටවන බවත් කියනවා. එත් ඒවා තියාගැනීම හෝ විකිණීම තහනම්.. එච්චර වටිනා දෙයක් මහා මුහුදට සේදී යාමට නොදී ප්‍රයෝජනයකට ගැනීම නොවේද වටින්නේ..?
සත්වය මරා දමල හෝ වෙනත් උපද්‍රවයක් කරලා නැතිව මේවා හම්බවෙලා ධීවරයා සොයා ගත්ත නම් ඔහු වරදක් කර නැහැනේ? හම්බ වුනාම ගෙනත් කාටද භාර දෙන්න ඕනේ...? එතකොට මොනවා වේවිද? අපේ නිලධාරීන්? අපේ රටේ සමහර නීති විරෝධී කියන දේවල් හිතා ගන්න බැරි දේවල්. වල්ල පට්ට වෙළදාමත් ඒ වගේ. මගේ ඉඩමේ මම ගහක් හිටවුවොත් මට ඒක ආදායමක් ගන්න විකුනන්න බැරිනම් කව්ද ආයිමත් වවන්නේ? කළුවර ගස් වලටත් මේ වැඩේම වෙනවා. පුද්ගලික ඉඩමක පලයක් දැක්කොත් කපල විසි කරනවා. විකුනන්න කපන්න තහනම් නිසා. කංසා වුනත් එහෙමයි. ඔක්කොම තහනම්. එත් ආයුර්වේද බෙහෙත් වලට ගන්නවා. වවන්න තහනම් නම් පිටරටින් ගෙන්න ගන්න වෙනවා. පාලනයක් ඇතුව මේවා වැව්වොත් විදෙස් විනිමය උල්පත් වෙන්නේ නැතිද? බෙහෙත් සඳහා? අපි තහනම් කියන බොහෝ දේ දියුණු රටවල් විකුනනවා. මුව ගෝන මස් නවසීලන්තෙන් පිටරට යවන දේ. ටිකක් හිතමුද?
ධීවරයෝ තල්මසාට අම්බර වමනෙ යනකල් බොන්න දීලා ...ඒකයි අත්අඩංගුවට අරන් තියෙන්නේ...
මේක තියාගැනීම තහනම් නෙවෙයි. වටිනාකම වැඩි නිසා මංකොල්ලකන්න හදන්නෙ. මාලුවගේ අප ද්‍රව්‍ය ධීවරයකුට එකතුකරලා ගන්න බැරිනම් ඒක උගෙ අම්මගෙ නීතියක් කියලයි කියන්න තියෙන්නෙ. අනිවාර්යයෙන් ඕකෙන් වැඩි කොටසක් අතුරුදහන් වේවි....!!!
මොන යකාගේ නීතියක්ද මෙ? මෙවා සොයාබලා නීති පොතෙන් ඉවත් කළ යුතුයි. මෙවා සුද්දගේ නීතියද? ඔවා දැන් ඉවත් කරන්න ඔනේ... නැතිනම් මිනිස්සු හිනාවෙනවා රටෙ නීතියට ...
අම්බර කියන්නේ "රාජ අලියාගේ" මලපහ කියලයි මම අහල තියෙන්නේ... ඒ ගැන ඔබලාගේ අදහස් මොනවද ... ?
විජිත් මහත්තය ඇතුළු අනෙකුත් සැමගේ අදහස් හා මාද එකඟයි.