
(හිරාන් ප්‍රියංකර සහ ජයරත්න වික්‍රමාරච්චි)
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු බව වනජීවි නිළධාරින් පවසයි.
මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවර්ණය කරගෙන ඇති බව වනජීවි නිළධාරිහු පවසති.
වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාල සැකකරුවන් තබ්බෝව අභය භුමියේ නරිඔය ආසන්නයේදි අද අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම් .එම් .පිස්තෝලයක් හා එයට යොදන පතෝරම් 9ක් හා පතොරම් බහාලුම් දෙකක් ( පුචස් ) සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක් තියුණු පිහියක් තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් හා ගැකට්ටුවක් ඇතුළු දෑ අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු සඳහන් කරති.
මේ සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව වන ජීවි නිළධාරින් පවසයි.



COMMENTS
සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති කාලකණ්ණි ... ඔය කියන ඩිරෙක්ටර්ව නිරුවතින් කැලේ යවලා... වෙඩි තියන්න ඕනේ කකුල් දෙකට...
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ඔවුන්ගේ ආරක්ෂාවට ගිනි අවි හා තියුණු ආයුධ රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ ඔවුන් ගියේ දඩයමේ නොව බෙහෙත් පැල (කොළ, පොතු, මල්, මුල්) සෙවීමට බව පැහැදිලිව පෙනේ. රජයේ වාහන යොදවමින් රජයේ සේවකයන් කළ මෙම ක්‍රියාවට දඬුවම අවම වසර 10කි. මෙය පළමු අවස්ථාව නම් මාස 3ක් සිරදඬුවම් මීට පෙරත් කර තිබේ නම් 10 වසරක්... වනයේ ජීවත්වන වන සිවුපාවුන් පරිසරය විනාශ කිරීමට දඬුවම මරණ දඬුවමට සමාන විය යුතු නොවේද?
ඊළඟට අපිට යන්න වෙන්නේ වැදි යුගයට තමයි. මේ බඩු මිලේ හැටියට කැලේ වැදිලා දඩයම් කරගෙන තමයි කන්න වෙන්නේ. නැත්නම් බල්ලෝ, ගැරඬි වගේ චීන කෑම හොයන් කන්න වෙනවා. එතනට තමයි මේ රට අරගෙන යන්නේ මේ ආණ්ඩුව...
දවස අරඹන විටම දුටුවේ අවජාතක කලකන්නින්ගේ අධම ක්‍රියාවක් පිළිබද විස්තරයක්ය."මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙකු බව වනජීවි නිලධාරින් පවසයි" ඇයි මේ "එකෙකුටවත්" නමක් ගමක් නැද්ද? ඇයි මේ කාලකන්නින්ගේ මූසල මුහුණු පල නොකරන්නේ? ඇයි මේ කැබ්රථයේ අංකය වසා තිබෙන්නේ? මළපොතේ අකුරක්වත් ඉගෙනනොගත් අපට මේවා ගැටලුය. නීතිවිරෝධී, සමාජ විරෝධී වැඩ කිරීමට හැකි නම් "නම් ගම් ප්‍රසිද්ධ කිරීමේ ඇති වැරැද්ද කුමක්ද" ? මේ අයට කැබ් රථය පාවිච්චි කිරීමට හැකි නම් එහි අංකය ප්‍රසිද්ධ කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? කරුණාකර මේ පිළිබඳව දන්නා කෙනෙකු සිටී නම් නූගත් අපව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු....
මේ අයට විලි ලැජ්ජාවක් නැති හැටි...
දේශීය වෙදකමට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට සතුන්ගේ මාංශත් ගන්නවද?
සුලු කේස් එකක්නේ, යටගැහෙන කේසස් ගැන බලනකොට.... මේ රටේ මිනී මැරුම් වුණත් සමාව දිය හැකි වැරදිනේ... නීති කිපයක් එක රටක තියන එකම රට මේකයි.
අදාළ ඇමතිතුමා මේ ගැන ඉක්මනින්ම කටයුතු කරාවි. කලබල වෙන්න එපා.
මේ වාහනයේ අංකය නැද්ද? මේ අයගේ නම් නැද්ද?
ඇමතිගේ ගෝලයෙක් වෙන්න ඇති.