IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


“අපට පැවරූ වගකීම් ගැන මාස හතරකින් බලාගන්න’’

(ඩයනා උදයංගනී)

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ කිසිවෙක් කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම අතීත භාවිතාව නිසා ඇතැමුන්ට විවිධ විවේචන තිබිය හැකි නමුත් එම සියලු අරගල සිදුකළේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා බවත්, විවිධ නීති රීති නිසා මතුවන නරක නපුරු ආතතීන් ගැන කතා කරද්දී ඇතැමුන් එය වැරදියට තේරුම් ගත් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

තමන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරූ රාජකාරිය හරි ලෙස ඉටුවන්නේ ද යන්න ලැබී ඇති මාස හතරෙන් පසුව බලාගත හැකි යැයි කී ඥානසාර හිමියෝ එදිනට සියලු දෙනා එම වැඩපිළිවෙල වටා ඒකරාශි වනු ඇතැයි ද කීහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘එක රටක් තුළ එක නීතියක්’  නිර්මාණය කිරීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු එහි සාමාජිකයන් හා එක්ව නොපිරිහෙලා ඉටුකිරීමට බලාපොරොත්තු වන බව කී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රටේ අනාගත පරපුර ‘එක රටක්, එක නීතියක් එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කිරීමට සමත් නීතිමය රාමුවක් ගෙනඒම තම අපේක්‍ෂාව බව ද සඳහන් කළහ.

 



අදහස් (22)

“අපට පැවරූ වගකීම් ගැන මාස හතරකින් බලාගන්න’’

Nuwa Monday, 01 November 2021 05:04 PM

බලාගන්න කියලා විතරයි කියලා තියෙන්නේ.. හරියට කරනවා කියලා නෑනේ.. නියම උත්තර...

:       127       41

Alfread de CostaMonday, 01 November 2021 07:21 PM

අපිට අරාබියේ කුරුසයක්, පිළිමයක් ළඟ තියාගන්න බෑ. වෙන රටක මුස්ලිම් කාටවත් ඒ රටවල් වල පී.ආර් දෙන්නේ නෑ. ඒත් ලංකාවේ මුස්ලිම් මිනිහෙක්ට ගෑණු 4ක් බඳින්න පුළුවන්... අවුරුදු 10-17 අතර කෙල්ලෙක් බැන්දාට නීතියෙන් වරදක් නෙමේ... ඒත් වෙනත් ජාතීන් කරොත් බරපතල වැඩ සහිතව හිරේ. මේවා තමයි ජාතිවාදය ඇතිවෙන ප්‍රශ්න. ලෝකයේ කිසිම රටක මෙහෙම ගොබ්බ නීති නෑ. ලංකාවේ විතරයි. වෙනත් ජාතීන්ට අමුතු වරප්‍රසාද ඕනෑ නෑ. හැමෝටම එකම විදියක් වෙන්න ඕනේ. සිංහලයාටත් විශේෂ ඒවා ඕනෑ නෑ.

:       11       74

WikramaTuesday, 02 November 2021 12:28 AM

සිංහලයා මෝඩයා කිව්වෙ කට කහනවට නෙමේනෙ. මෝඩ එකෙත් හොඳම එක.

:       0       0

AN Ishan Tuesday, 02 November 2021 12:50 PM

අරාබි රටකට යන්නෙ හම්බ කරන්න. එහෙම නැතුව එහේ පදිංචියට නෙවෙයි. අරාබි රටවල 100% ක් මුස්ලිම් ජනතාව වාසය කරන නිසා ඔවුන්ට වෙනත් ආගමික පිළිම, කුරුස වලින් ඇති ප්‍රයෝජනයක් නැත. ඔබ යම් රටකට රැකියාව පිණිස යනවානම් එම රටේ නීතියට අනුක ලව හැඩගැසීම ඔබගේ වගකීමකි. එසේ කිරීමට නොහැකි නම් ඔබ නොයා යුතු ය. ශ්‍රී ලංකාව යනු බහු ආගමික, බහු ජනවාර්ගික රටක් වන හෙයින. එ රටේ ජීවත් වන සෑම පුරවැසියෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට මෙන් ම සිද්ධස්ථාන පිහිටුවා ගැනීමට ප්‍රජාතාන්ති්‍රක අයිතියක් ඇත. ඔබ විවාහක අයෙක් නම් ගැහැණු 04 ක් අරන් ජීවත් වීම කෙතරම් අපහසු, සංකීර්ණ කාර්යයක් ද කියා ඔබට වැටහෙනු ඇත. ඔබ විවාහ වී නොමැති නම් එහි යථාර්තය තේරුම් ගැනීමට ඔබ විවාහ විය යුතු ම ය. බහු විවාහ අනුමැතිය ලබා දී තිඛෙන්නේ විශේෂයෙන්ම වැන්දඹු කාන්තාවන් සහ අනාථ දරුවන්ගේ රැකවරණය මෙන් ම, සමාජයේ සිදුවන අනාචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණ ඇතිව කළ යුතු ක්‍රියාවකි. නමුත් වර්ථමානයේ බහු විවාහ ක්‍රමය පවතින්නේ ඉතාමත් අල්ප වශයෙනි. කිමද එය හිතන තරම් සරල දෙයක් නොවීමයි . වයස අවුරුදු 10-17 ත් අතර ළමුන් විවාහ කරගත යුතු ය කියා ඉස්ලාම් ධර්මයේ කොතැනකවත් සඳහන් වී නොමැත

:       2       1

An IshanTuesday, 02 November 2021 12:53 PM

ඉස්ලාම් ධර්මයේ සඳහන් වන්නේ වැඩිවියට පත් තරුණියක් විවාහ කරදීමට සුදුසු ය කියා පමණි. එයින් අදහස් වන්නේ තරුණියක් වැඩිවියට පත්වීමට පෙර විවාහ කර නොදෙන ලෙස ය. කුමන හෝ රටක සෞඛ්‍යමය හෝ නීතිමය හේතූන් මත විවාහ වීම සඳහා යම් වයස් පරතරයක් ලබාදෙන්නේ නම් එයට අනුකූල වීම ඔ්නෑම රටක වෙසෙන මුස්ලිම්වරයෙකුගේ වගකීමකි. මන්ද යත් රටේ නීතියට අවනත වීම ද ඉස්ලාමීය නීතියේ එක් කොටසක් වන බැවිනි..

:       1       0

lalTuesday, 02 November 2021 05:03 AM

එක රටක්, එක නීතියක් කියන්නේ මුස්ලිම් දෙමල සිංහල අයගේ නිති ගැන නෙමෙයි. එකම රටේ දේහපලාඥයින්ට එක නීතියක් සාමාන්‍ය දුප්පත් මිනිහට එක නීතියක් සහ පෝසත් මිනිහට එක නීතියක් නොවන තත්වයකුයි. මුස්ලිම් දෙමල අයගේ ප්‍රශ්න ඒ ගොල්ලන විසඳ ගත්තට කමක් නැහැ. නමුත් ඒ අයටත් විසද ගන්න බරැැව උසාවි ගියොත් එය විසදන්නේ රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ වුනා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ

:       0       0

mp Monday, 01 November 2021 05:36 PM

බැණුම් වරුසාවකින්ද?

:       62       17

SanthikaranMonday, 01 November 2021 07:24 PM

ලංකාවේ කස්ටමරි ලෝ කියලා නීති 3ක් තියෙනවලුනේ. තේසවලාමෙයි, උඩරට නීතිය, ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය. එක එක අයට එකඑක නීති ඕනෑ නෑ. හැමෝටම එකම නීතියක් ඕනෑ...

:       3       58

fairoos Monday, 01 November 2021 05:40 PM

කරන්න පුළුවන් නම් හොඳයි... රටට අබ සරණයි කියන්නේ නැතිව..

:       10       62

NazeerMonday, 01 November 2021 07:45 PM

ඔයාලාට 4ක් බඳින්න තියෙන චාන්ස් එක නැතිවෙන්නයි යන්නේ... තව අවුරුදු 12 කෙල්ලෙක් බැඳ ගන්නත් බැරි වෙයි.... දික්කසාද කරන්නත් බැරි වෙයි. දුක නැද්ද?

:       23       18

සඳුන් Monday, 01 November 2021 06:01 PM

අපේ හිටපු ජනාධිපතිතුමා... නැත්තම් මෙයා එකම රටක්, එකම නීතියක් කෙටුම්පත් කරන්නේ තවමත් සිපිරි ගෙයි හිටන්...

:       30       28

Raveendra Monday, 01 November 2021 06:34 PM

අවසරයි අපේ හාමුදුරුවනේ... අපගේ මව්බිමට යහපතක් වෙනවා නම් එය අපි හදවතින්ම අගය කරන්නෙමු. එලෙසම මාතෘභූමියට හානියක් වෙන ක්‍රියාවක් නම් මහසෝනාටත් අප විරුද්ධ වන්නෝය. මක්නිසාදයත් අප ඔය "එකෙකුගෙන්වත් යැපෙන්නන් නොවන" බැවිනි. ඔබ වහන්සේවත් අඩුවෙන් කතාකර වැඩියෙන් තමන්ට පැවරී ඇති වැඩ කොටස කරයි යන්න අප බලාපොරොත්තු වන්නෙමු. අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!! 

:       0       0

දොලේවත්ත Monday, 01 November 2021 06:56 PM

ඔහේට වඩා ලොක්කෙකුට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වගකීම පැවරුවා.... දැන් සැපද?

:       28       24

Praba Monday, 01 November 2021 09:32 PM

මෙවැනි සංවේදී නීතිමය ගැටලුවක් විසඳීමට ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පත් කිරීම, රජයේ වගවීම හා බුද්ධිය ගැන හොඳ මිනුමකි...

:       25       35

Jey Tuesday, 02 November 2021 12:25 AM

මේක රජයේ බුද්ධියක් ගැන කතාවක් නෙමේ, චාරිත්‍රානුකූල නීති කොහොමත් චාරිත්‍ර පිලිපදින්නන් එකතු වෙලා විසඳ ගන්න ඕන. ලෝකෙ ක්‍රමේ ඒකයි. මේවා විසඳන්න දැනටත් පරක්කු වැඩියි.

:       0       0

Karu Monday, 01 November 2021 11:44 PM

කියන කතා ගොඩාක් ඇත්ත.

:       0       0

Perera Monday, 01 November 2021 11:51 PM

මේ යන විදියට තව මාස හතරකින් ලංකාව මේ තරම්වත් ඉතුරුවෙලා තියේවිද මන්දා

:       0       0

මඩවලකන්ද Tuesday, 02 November 2021 06:22 AM

උදේ හවස මිනිස්සුන්ට කරදර කරන ආගමික ලවුඩ්ස්පීකර් හිරිහැරය නතර කරන්න

:       0       0

සුවාරිස් Tuesday, 02 November 2021 06:48 AM

එක රටක් එක නීතියක් නම් මහ දවාලේ හිටපු දේශපාලකයකු මහ මග මරා මරණ දඩුවම් හිමිවූවෙකු නිදහස් කර තනතුරු දීමත් ඇත්ත කථාකල රංජන් හිර දඩුවම් විදීමත් විය හැකිද

:       0       0

Senarath Tuesday, 02 November 2021 09:25 AM

මේ කමිටුවේ සංයුතිය ගැන නම් පැහැදීමක් නැහැ.

:       0       0

althaf Tuesday, 02 November 2021 12:01 PM

නියමයි , නියම විද්‍යාත්මක පත්කිරීම් දැන් සෞභාග්‍ය ඉතිරිලා යයි

:       0       1

අමිල සිං Tuesday, 02 November 2021 01:07 PM

හැමදාම ලංකාවේ කරන්න යන දේ හොදයි. කරන විදිහ තමයි වැරදි. අන්තිමට අල්ලන්න ගිය අත්තත් නෑ පයගපු අත්තත් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා
2025 ජනවාරි මස 21 927 0

ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක


දේව ප්‍රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු
2025 ජනවාරි මස 21 371 0

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්
2025 ජනවාරි මස 21 1621 0

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කර


රතු වී ගැන හම්බන්තොට මැසිවිලි
2025 ජනවාරි මස 21 603 1

2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එ


මාතර සහල් මඟඩියක් අල්ලයි
2025 ජනවාරි මස 21 387 0

දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි .


උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි
2025 ජනවාරි මස 21 185 1

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 440 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 338 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site