
(ඩයනා උදයංගනී)
එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරය තමන්ට හිමිවීම ගැන වෙනත් ජාතීන්ට අයත් ජනතාව හෝ කිසිවෙක් කලබල විය යුතු නැතැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
තම අතීත භාවිතාව නිසා ඇතැමුන්ට විවිධ විවේචන තිබිය හැකි නමුත් එම සියලු අරගල සිදුකළේ රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා බවත්, විවිධ නීති රීති නිසා මතුවන නරක නපුරු ආතතීන් ගැන කතා කරද්දී ඇතැමුන් එය වැරදියට තේරුම් ගත් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
තමන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරූ රාජකාරිය හරි ලෙස ඉටුවන්නේ ද යන්න ලැබී ඇති මාස හතරෙන් පසුව බලාගත හැකි යැයි කී ඥානසාර හිමියෝ එදිනට සියලු දෙනා එම වැඩපිළිවෙල වටා ඒකරාශි වනු ඇතැයි ද කීහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘එක රටක් තුළ එක නීතියක්’ නිර්මාණය කිරීම වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණු එහි සාමාජිකයන් හා එක්ව නොපිරිහෙලා ඉටුකිරීමට බලාපොරොත්තු වන බව කී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ රටේ අනාගත පරපුර ‘එක රටක්, එක නීතියක් එක ජාතියක්, එක කොඩියක් යටතට එකතු කිරීමට සමත් නීතිමය රාමුවක් ගෙනඒම තම අපේක්‍ෂාව බව ද සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගන්න කියලා විතරයි කියලා තියෙන්නේ.. හරියට කරනවා කියලා නෑනේ.. නියම උත්තර...
බැණුම් වරුසාවකින්ද?
කරන්න පුළුවන් නම් හොඳයි... රටට අබ සරණයි කියන්නේ නැතිව..
අපේ හිටපු ජනාධිපතිතුමා... නැත්තම් මෙයා එකම රටක්, එකම නීතියක් කෙටුම්පත් කරන්නේ තවමත් සිපිරි ගෙයි හිටන්...
අවසරයි අපේ හාමුදුරුවනේ... අපගේ මව්බිමට යහපතක් වෙනවා නම් එය අපි හදවතින්ම අගය කරන්නෙමු. එලෙසම මාතෘභූමියට හානියක් වෙන ක්‍රියාවක් නම් මහසෝනාටත් අප විරුද්ධ වන්නෝය. මක්නිසාදයත් අප ඔය "එකෙකුගෙන්වත් යැපෙන්නන් නොවන" බැවිනි. ඔබ වහන්සේවත් අඩුවෙන් කතාකර වැඩියෙන් තමන්ට පැවරී ඇති වැඩ කොටස කරයි යන්න අප බලාපොරොත්තු වන්නෙමු. අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!!
ඔහේට වඩා ලොක්කෙකුට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වගකීම පැවරුවා.... දැන් සැපද?
මෙවැනි සංවේදී නීතිමය ගැටලුවක් විසඳීමට ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් පත් කිරීම, රජයේ වගවීම හා බුද්ධිය ගැන හොඳ මිනුමකි...
කියන කතා ගොඩාක් ඇත්ත.
මේ යන විදියට තව මාස හතරකින් ලංකාව මේ තරම්වත් ඉතුරුවෙලා තියේවිද මන්දා
උදේ හවස මිනිස්සුන්ට කරදර කරන ආගමික ලවුඩ්ස්පීකර් හිරිහැරය නතර කරන්න
එක රටක් එක නීතියක් නම් මහ දවාලේ හිටපු දේශපාලකයකු මහ මග මරා මරණ දඩුවම් හිමිවූවෙකු නිදහස් කර තනතුරු දීමත් ඇත්ත කථාකල රංජන් හිර දඩුවම් විදීමත් විය හැකිද
මේ කමිටුවේ සංයුතිය ගැන නම් පැහැදීමක් නැහැ.
නියමයි , නියම විද්‍යාත්මක පත්කිරීම් දැන් සෞභාග්‍ය ඉතිරිලා යයි
හැමදාම ලංකාවේ කරන්න යන දේ හොදයි. කරන විදිහ තමයි වැරදි. අන්තිමට අල්ලන්න ගිය අත්තත් නෑ පයගපු අත්තත් නෑ...