(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද පත්‍රිකා 600 ක ප්‍රමාණයක් සමඟ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (16) තල්ගස්වල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි.
ප්‍රදේශය භාර ප්‍රාදේශීය තේරිම් භාර නිලධාරිවරයා ලබාදුන් තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇපමත මුදාහැර තිබේ.
නගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.