(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර නගරය මෙම වෙසක් පෝය දිනට පසුදිනදී ඡායාරූප ගත කළැයි කියන රිමාන්ඩ් භාරයේ සිටින තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී තුන්වන සැකකාර අනුෂ්ක දිල්හාර කළුපහන යන අයට නියමිත සබරගමු විශ්වවිද්‍යාලයේ විභාගය සඳහා පෙනීසිටීමේ අවසරය ලබාදෙමින් එම සැකකරු බන්ධනාගාරය මගින් අදාළ විභාගයට ඉදිරිපත් කරවන ලෙස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂීණී පෙරේරා මහත්මිය නියෝග කළාය.
මෙම නඩුව ජූලි 01 දින අධිකරණයේ යළි කැඳවීමටත් එදින තෙක් තවදුරටත් සැකකරුවන් තිදෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර පත් සැකකාර තරුණයන් තිදෙනා වූයේ මොහොමඩ් නශීර් මොහාමඩ් නෆ්රාත්, මොහොමඩ් පවුස් මොහොමඩ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙන සහ කේ. අනුෂ්ක දිල්හාර කළුපහන යන අයයි.
මෙම නඩුවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ගාමිණී රත්නායක, ප‍්‍රියංකා ගුණවර්ණසූරිය, කිත්සිරි අරඹේවත්ත යන නීතීඥ මහත්ම මහත්මීහු සබරගමු විශ්වවිද්‍යාලයේ පැවත්වෙන විභාගයක කාලසටහන සහ විභාග අපේක්‍ෂක ලේඛනයන් අධිකරණයට ඉදිරිපත් කරමින් තුන්වන සැකකරු සඳහා එම විශ්වවිද්‍යාලයේ විභාග පරීක්‍ෂණයකට මේ මස 30 දින පෙනී සිටිය යුතුබවට කරුණු දක්වමින් එම සැකකරුට අදාළ විභාගයට පෙනීසිටීමේ අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මහේස්ත‍්‍රාත්වරිය විසින් නඩුවේ තුන්වන සැකකරුවූ අනුෂ්ක දිල්හාර යනඅය බන්ධනාගරය මගින් එදිනට එම විශ්වවිද්‍යාලයේ පැවත්වෙන විභාගයට ඉදිරිපත් කිරීමට නියම කලේය.
මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්‍ෂක ජයතිලක මහතා නඩුවට අදාළ රස පරීක්‍ෂක වාර්තා සහ නිතීපති උපදෙස් ලැබී නොමැති බවත් අධිකරණයට දන්වා සිටි අතර අදදින (24) රත්නපුර පොලිසියේ නිලධාරයකු නිතීපති උපදෙස් තොරතුරු ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතිබවත් අධිකරණය හමුවේ පැවසීය.
COMMENTS
Reply To:
-
මොනවද මේ විහිළු..? මේ කොල්ලන් රත්නපුර නගරය වීඩියෝ කරලා මක්කරන්නද?
එහෙම කියන්න එපා සෙනෙවි. නගරයක් ඡායාරුප ගත කරලා ඒ වගේ නගරයක් අලුතෙන් හැදුවොත් එහෙම, අපේ බුද්ධිමය දේපල නැතිවෙනවනේ.
හෙල්මට් නොදා බයිසිකල් පැද්දත් කමක් නැහැ වීඩියෝ කරලා අහුවෙන්න එපා
ඩ්‍රෝන් යවන්න තහනම් කරලා තියෙද්දි ඩ්‍රෝන් වලින් වීඩියෝ කලේ මොකටද? නීතිය විහිලුවක්ද?
මේක තනිකරම බොරු වැඩක්.
බෝම්බ පුපුරන බව දැන දැනත් අහිංසක මිනිස්සුන්ව බිල්ලට දීපු පාලකයෝ නිදැල්ලේ. ඡායාරුපයක් ගත්තු තරුණයෝ ඇතුලේ?