(විජේරත්න රත්නායක)

මහියංගනය ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ වී ගබඩා දෙකකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරීහු  පියවර ගත්හ.

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වී ගබඩාවකට සහ දිවුලපැලැස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වී ගබඩාවකට මෙසේ මුද්‍රා තබනු ලැබීය.

මුද්‍රා තබන ලද උල්හිටිය ගබඩාවේ වී කිලෝ ලක්ෂ හතරක් පමණද දිවුලපැලැස්ස ගබඩාවේ වී කිලෝ විසිපන්දහසක් පමණද ගබඩා කොට තිබී ඇත.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග රැස් කිරීම සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අදාළ ගබඩා හිමිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.