IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අනවසරෙන් ගාලුකොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කළ කාන්තාවට දඩ

(ඩී.ජී.සුගතපාල)
 
පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාගේ නිසි අවසරයකින් තොරව ගාලු කොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කිරීමේ චෝදනාවට වරද පිළිගත් කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 50,000ක දඩයක් නියම කළේය.
 
මෙසේ දඩ නියම වූයේ ගාල්ල ක්‍රිප්ස් පාරේ ගයනි තරංගා එදිරිසිංහ නමැති විත්තිකාරියකටය.
 
විත්තිකාර කාන්තාව ගාලු කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලේ කඩ කාමරයක් අවුරුදු 15කට බදුගෙන සිටියදි  එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයට යන පඩිපෙළ අලුත්වැඩියා කර ඇත. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කාර්යාලය කළ පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිසියේ පුරාවිද්‍යා ඒකකය මෙම නඩුව පවරා තිබිණි.
 
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කියාසිටියේ ඇය කිසිදු පුරාවස්තුවකට හානියක් කර නොමැති අතර පඩි පෙළ අලුත්වැඩියා කර ඇති බවය. එය යහපත් චේතනාවෙන් කර ඇති බවද නීතිඥවරු කියා සිටියහ.
 
ගාල්ල පොලිසියේ පුරා වස්තු ඒකකයේ ස්ථානාධිපති පෙලිස් පරික්ෂකගලප්පත්ති මහතා පැමිණිල්ල මෙහයවන ලද අතර විත්තිකාරිය වෙනුවෙන් ප්‍රදීප මදනායක, ඒ.පී.ජී.සරත්චන්ද්‍ර වේරහැර, අවන්ති තරංගා හැන්නදි යන නීතිඥ  මහත්ම මහත්මීහු  පෙනී සිටියහ.



අදහස් (3)

අනවසරෙන් ගාලුකොටුවේ ගොඩනැගිල්ලක් අලුත්වැඩියා කළ කාන්තාවට දඩ

sam Tuesday, 15 October 2019 09:54 AM

රුපියල් පනස්දාහක වියදමකින් පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ අවසරය ගන්න පුලුවන්ද ?? ලියන ලියුම් වල මුද්දර ගාස්තුවටම ඊට වඩා මුදලක් යාවි. එහෙම කරලත් අවසරය ලැබෙන කාලය වෙනකොට අවසර ඉල්ලපු තැනැත්තාගේ මී මුණුපුරන්ට තමයි පඩිපෙළ අලුත්වැඩියා කරන්න වෙන්නේ.

:       0       0

sugath Tuesday, 15 October 2019 10:07 AM

පැරණි ගොඩනැගිල්ලේ තිබු පරණ පඩිපෙළ අනාරක්ෂිතයි නම්, එය අලුත්වැඩියා කිරීමේ වරදක් නැති බවයි මගේ අදහස.

:       0       0

p.rupasinghe Tuesday, 15 October 2019 10:55 AM

මේ මොන අපරාධයක්ද? අර අම්පාරෙ පුරාවිද්‍යා ගොඩනැගිලි පිටින් බැකෝ කරලා බිමට සමතලා කරනවා. මේ තරප්පු පෙළ කඩා විනාශ කළා නොවේ. අලුත්වැඩියා කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site