(ඩයනා උදයංගනී)
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 26 වැනි දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව, අධ්‍යයනය, සෞඛ්‍ය, පරිසරය ආදී සෑම අංශයක් කෙරෙහිම එහිදී අවධානය යොමු කර තිබෙන බව හේරත් මහතා සදහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි
ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 දා එළිදකී
Mahee Friday, 11 October 2019 07:54 AM
ඒක නම් එළි දැක්කුවේ නැතත් කමක් නැහැ. ඒ මොකද ඒවා ඔක්කොම් හිස් ලියවිලි බව අපි අත්දැකීමෙන් දන්නවා.
Raveendra Friday, 11 October 2019 08:16 AM
අනේ රතුමල්ලියේ පහත සදහා යෝජනාත් ඔහෙලගෙ ඔය කියන හොටප්පරේට ඇතුලත් කරනවාද ?? 1).අපි බලයට ආපසු වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සරසවිවලින් " අන්තරේ " තහනම් කර සරසවිවල වැඩකටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට ක්‍රියා කරනු ලැබේ.. තව යෝජනා තිබෙන බැවින් දැනට මෙම යෝජනා ඔහෙලගෙ ඔය අටමගලේට ඇතුලත් කරනවාද දැනගනුමට කැමැත්තෙමු.
Sanath Kandy Friday, 11 October 2019 08:45 AM
මහී, රවීන්ද්‍ර, අවුරුදු 70ක් තිස්සේ රට කරවපු අය දුන්නු පොරොන්දු ඉෂ්ට කළාද? ජාතික ජන බලවේගයේ මවර ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ මේ රටේ ඉහළම බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයන් එකතු වෙලා... රට ගොඩනගන ප්‍රායෝගික වැඩපිළිවෙල එයයි.
Dr. Vajira FernandoFriday, 11 October 2019 09:50 AM
1930 1940 දශකවල අපේ රටේ උගතුන් බුද්ධිමතුන් පැරණි වමේ ව්යාපාරය හා එකතු වී සිටි ආකාරයෙන් අද අපේ රටේ සියළුම විශ්ව විද්‍යාල ආචාර්යවරු උගතුන් බුද්ධිමතුන් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග එක්වී සිටීම ඉතාමත් සතුටට කරුනකි.
rate wedaaFriday, 11 October 2019 10:59 AM
අර නාගානන්ද මැතිතුමා වගේ උගත්තුත් ඉන්නවා නොවැ...
NissankaFriday, 11 October 2019 09:53 AM
අවුරුදු 71ක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට උලා කාපු අය එළවලා රට අලුත් මාවතකට ගෙනියන්න මේ ඡන්දේදීවත් හිතට ගමු. රට ගොඩනගන සැබෑ වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරවමු. අපේ ආදරණීය මව්බිම මේ ප්‍රපාතයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි දැක්මක්..., සැබෑ වුවමනාවක්, අප්‍රතිහත ධෛර්යයක් ඇති එකම අදූෂිත නායකයා AKD පමණයි
ranasingheFriday, 11 October 2019 12:26 PM
අවුරුදු 71 ක් නොව අවුරුදු 30 ක් තිස්සේ අවංකයි කියාගන්න පළාත් සභා මන්ත්‍රීවරු සිට මහා සභා මන්ත්‍රීවරු දක්වා පත්වුන 500 කට අධික ජවිපෙ මැති ඇමතිවරු තීරු බදු රහිතව ආනයන කරන ලද වාහන නැවත විකුණන විට රජයට අයවිය යුතු බදු නිවැරදිව ගෙවා ඇති බවට පෙන්වන උප ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි .
BamunuarachchiFriday, 11 October 2019 12:59 PM
නිස්සන්කට රටක් ජාතියක් ජන්මයක් ආගමක් නැද්ද? තිබෙනවානම් අනාගතයටත් තියා ගන්න ඕනේ නම් බලය දෙන්න එපා
RaveendraFriday, 11 October 2019 11:57 AM
Sanath Kandy මයාවෙත, අප විසින් සඳහන් කරුණු සියල්ලම මෙහි සඳහන් වී නැතිබව පළමුව සඳහන් කිරීමට කැමැත්තෙමු. මේ පිළිබඳව ඔබ පවසන "රටේ ඉහළම බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයින් " අප සඳහන් කර අනුර මලයා විසින් පාලනය කරන රතු මල්ලිලාගේම අයවලුන් විසින් පවත්වාගෙන යන "අන්තරේ ඉන්න කුඩු කාරයන් " පිළිබඳව ඔබගේ කියවීම දැනගනුැමට කැමැත්තෙමු. එම "බුද්ධිමතුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු විවෘත වෘත්තිකයන් " අන්තරේ ඉන්න ඒ ඒ අය විසින් සරසවි වල කටයුතු අඩපණ කිරීම අනුමත කරන්නේද යන්නත් පැහැදිලි ලෙස දැනගැනුමට කැමැත්තෙමු.
MaheeFriday, 11 October 2019 12:37 PM
මෙච්චර කල් හැම කෙනාම එළි දක්වපු ලියවිලි නිකම් වචන හින්ද තමයි මහත්තයෝ මම ඔය ඔක්කොම හිස්ලියවිලි කිව්වේ, ලියවිල්ල මොන තරම් බුද්ධිමතුන් එක්ව හැදුවත් ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්නම් ඇති පලේ මොකක්ද? හැබැයි, මම ප්‍රාර්ථනා කරනවා ජවීපෙ ට මෙතෙක් අවස්තාවක් නොතිබුන නිසා මේක අපිව අඩුවෙන්ම රවට්ටන ලියවිල්ල වේවා කියල..
peratugami Friday, 11 October 2019 09:21 AM
උතුර, දකුණ මාරුවෙච්ච ජේවීපි හැත්තට මොන ප්‍රතිපත්ති ප්‍රකාශනද?
Chinthaka Friday, 11 October 2019 09:42 AM
කවුද "ප්‍රතිපත්ති ප්‍රකාශය" හදලා දුන්නේ? අරලිය මන්දිරෙන්ද? මොකද මෙතුමාට අරලිය මන්ධිරේ පිහිට නැතුව කතාවක්වත් කරගන්න බැහැනේ?
Prabha Friday, 11 October 2019 10:17 AM
මෙයාලා එළි දකිනකොට පෙරහැර ගිහින් ඉවරයි.
Sarath T Friday, 11 October 2019 12:13 PM
ඊට පෙර එකතුකරගත් අයිඩෙන්ටි කාඩ් ටික ආපහු දුන්නොත් නේද හොඳ?
ඉඳුනිල් ප්‍රියන්ත Friday, 11 October 2019 12:15 PM
අවුරුදු 71ක් කොළ, නිල් අමන පාලකයින්ට කඩේ ගිය වහල් මානසිකත්වයෙත් හෙබි මෝඩයින්ට මේවා දිරවන්නේ නැති වුණාට බුද්ධියක් තියෙන මිනිසුන් සත්‍යය අවබෝධ කරගෙන අවසන්, බන්ධනාගාරෙ සිරකරුවන් මරපු, රතුපස්වල අහිංසකයන් මරපු, කටුනායක රොශේන් චානක, හලාවත අැන්ටනි ප්‍රනාන්දු, තාජුඩීන්, ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, උපාලි තෙන්න්කෝන්ගේ කකුල් කඩපු, සිරිපාදෙ ඝන්ඨාරෙ, ඩොලොස්මහේ පහන උස්සන යුගයක්ද ඕනේ...?
Bamunuarachchi Friday, 11 October 2019 12:56 PM
ප්‍රතිපත්තිත් එකම දවසේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා නීතියක් ගෙන එන්න ඕනේ. නැතිනම් එක්කෙනුගේ ප්‍රතිපත්ති බලලා අනිකා ප්‍රතිපත්ති හදා ගන්නවා. සජිත්ට ප්‍රතිපත්තිය නැති බව "සටන" වාද සභාවේ කියා වුනා. එය හේතු ඇතිව සහබාගි වූ අය පෙන්වූවා.
NASRUDIN Saturday, 12 October 2019 12:35 PM
ජවිපෙ නායකයන් මාලිමාව තෝරා ගැනීම විශිෂ්ඨ තීරණයක් මොකද මේ ගොල්ලන්ගේ වයඃ කල්‍යාණිය දැන් පිරිහිලා ඒක නිසා තිබුණ සීනුව ඒ අතට මේ අතට වනා ගන්න කණගාටුයි දැන් ජවය බලය එඩිය හීන වෙලානේ. ඈවරයි දෑවරයි තීන්දුයි මෙදා පාරත් ප්‍රතිශතය රැදෙන්නේ පළමු දශකයේ මධ්‍යටත් ටිකිරි සොච්චමක් පහලින්.