(ඉන්දිකා රාමනායක)
ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සිද්ධියෙන් තිරෝද රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් එය පැදවූ උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන.
COMMENTS
කවුරු හරිද වැරදිද නම් දන්නෙ නැහැ .හැබැයි ඔය කියන හරියෙ ඉන්නෙ අන්ඩපාලයො ටිකක්. කාගෙ හරි වාහනේක බලෙන් හප්පල සල්ලි ගන්න හදනව. මේක බොහොම කාළයක් කරන දෙයක්. උන්ගෙන් බේරෙන්න ලේසි නැහැ .
ඊළඟ මාතෘකාව උමාරියා පොලිස් ඇප මත නිදහස් වෙයි...
රිය අනතුරකදී, එයට ලක්වන තැනැත්තා රෝහල් ගතවීම සිදුවුවහොත්, රිය පැදවූ රියැදුරා පොලිස් අත්අඩංගුවේ රඳවා තැබීම සිරිතයි. පසුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙනවා. එය එසේ වුවත්, ත්‍රීවීලර් කරුවන් සිටිනා පාරක වාහනයක් පදවාගෙන යන්නේ කුමන ආකාරයකට දැයි දන්නේ වාහන පදවන අයම පමණි. පෞද්ගලික බස්රථ කරුවන්ගේ කෙරුවාවද එසේමයි. කිසිඳු මාර්ග නීතියක් ගැන නොසලකන මෙවන් නරුම රියැදුරන්ගෙන් පිරිරටක විනීත ලෙස රිය ධාවනය කළහැකිදැයි රථ වාහන පොලීසියෙන්, ප්‍රවාහන අමාත්‍යාංශයෙන් හා අනෙකුත් වගකිවයුතු අයගෙන් අපි විමසා සිටිමු...
ඇයි තවමත් මන්ද පමා?
බොහෝදුරට වැරැද්ද ත්‍රීවිල් රියදුරු අතේ තමයි. පොලිසියෙන් කොහොමත් නඩුදානවා නොසැලකිල්ලෙන් රිය ධාවනය කියලා.. නවත්තගෙන ඉන්න එකේ ඇවිත් වැදුණත් අපි වැරැදිකාරයෙක් වෙනවා නීතියේ හැටියට.. එ්ක නීතියේ දුර්වලකමක්. මම ප්‍රාර්ථනා කරනවා ඩෑෂ් කැම් 1ක් තිබිලා සිද්ධිය එළිවෙලා උමාරිය නිදහස් වෙන්න කියලා... ඇය අසනීප දරුවෙකුගේ මවක්. දරුවා වෙනුවෙන් පුදුම දරාගැනීමක්, කැපකිරීමක් කළ මවක්. ත්‍රීවිල් රියැදුරුගේ ජීවිතයත් බේරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
රටේ මෙච්චර ප්‍රශ්න තියෙනවා.. මේවා දාන්න තරම් ප්‍රවෘත්තිද?
මේ වගෙ වැදගැම්මකට නැති කසිකබල් මුල් පිටුවට දාන්නේ ඇයි.
මේවා නිව්ස්ද.?
ඕක එලවා ගන්න දන්නේ නැත්නම් විකුණලා දාලා පයින් යන්න
හප්පා... දැන් ඉතින් කොහොමද රට ගොඩ ගන්නෙ... ඔක්කොම ඉවරයි.
මිනිසුන්ට වෙන වැඩක් නැද්ද... මේවා නිවුස් හැටියට කියවන්න?