IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අධිවේගියේදී මෝටර් රථයක් ගින්නට බිලි

(ජේ.කේ.එල්. චාමින්ද සහ රවි ලියනගේ)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටර් කණුව ආසන්නයේ දි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇතැයි අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.

මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත.  කොළඹ බලායාම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගිමාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ එකවරම දුම වැඩිවි මෝටර් රථය ගිණිගෙන ඇත. මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.

අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසයි.

 



අදහස් (3)

අධිවේගියේදී මෝටර් රථයක් ගින්නට බිලි

ROAD SAFETY Tuesday, 05 October 2021 12:08 PM

ඩුබායි වැනි රටවල වාහනය ඇතුලේ ගිනි නිවනයක් තිබීම අනිවාර්යයි. ලංකාවේ වාහනේ වරායෙන් බාද්දීම ගලවන්නේ එම උපකරණය. ඒක තිබ්බ නම්, වාහනෙත් සුළු හානියකින් බේරගන්න තිබුනා. ලංකාවේ රථවාහන කොමසාරිස් ප්‍රවාහන අමාත්‍යංශය ඉන්නේ බදු ටික එකතු කරන්න විතරයි. රියදුරන්ට දෙන පුහුණුව ඉතා ප්‍රාථමිකයි, අනාරක්ෂිතයි

:       1       3

රථාචාර Tuesday, 05 October 2021 12:22 PM

නඩත්තුවේ ප්‍රශ්ණයක්ද කාර්මික දෝෂයක්ද දන්නෑ... මොකක් වුනත් ඉන්දියන් වාහන ගන්න කළින් දෙපාරක් නොව සියපාරක් වත් හිතුවොත් හොදයි. අපේ අය පෙනුමට වාහන ගත්තට ඊට වැඩි දෙයක් සොයා බැලිය යුතුයි. ඉන්දියන් වාහන වල ආරක්ෂක ප්‍රමිතීන් ඇත්තෙම නෑ.

:       0       1

jayath Tuesday, 05 October 2021 02:21 PM

අනිවාර්යයෙන්ම මක බාස් කෙනෙක් වැඩක් කරන්නැති... අනිත් එක තමයි වාහනයක් එලවන කෙනාට යාන්තම් හරි වාහනේ තාක්ෂණික පැත්ත ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. දැන් ඉන්න උන්නැහේලා හුඟක් දෙනෙක් ලීස් කරලා වාහනයක් ගන්නවා ක්‍රම සහ විධි පාවිච්චි කරලා බලපත්‍රයත් ගන්නවා.. අඩු ගණනේ වාහනයක් පාක් කරන්නවත් දන්නේ නැහැ.. මේක කියන්නේ කුහකකමටවත් තව කෙනෙක් හෙලාදකින්නවත් නෙමෙයි.. මම පාරේදී දකින සත්‍යය... මේ වගේ එකක් වළක්වා ගන්න තිබුණා.. සමහරවිට මුල් අවස්ථාවේදීම අවශ්‍ය පියවර ගත්තා නම් මොකද මොනයම් වාහනයක්වත් හෝස් ගාලා එක පාරටම ගිනි ඇවිලෙන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 556 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 492 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site