(සිතුම් චතුරංග)
යාපනය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ තිබී ටී.එන්.ටී නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ හතරයි ග්‍රෑම් 500 ක් රැගෙනයාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනකු අද(22) යාපනය අරියාලෙයිහීදි අත්අඩංගුවටගත් බව පලෙයි පොලිසිය කියයි.
සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු පිළිබඳ පලෙයි පොලිස් නිලධාරීන් හා යුද හමුදාව වෙත ලැබුණ තොරතුරක් මත කළ සොයාබැලීමකදී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ ඒවා රැගෙන ආ පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පලාගොස් සිටි බව පොලිසිය පැවසීය.
පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයින් යතුරු පැදියකින් පලාගොස් ඇති බවට ලැබුණ තොරතුරු මත පොලිසිය හා යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ සැකකරුවන් මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ නිශ්ක්‍රීය කරන කණ්ඩායමක සමාජිකයින් වන අතර මෙම පුපුරණ ද්‍රව්‍ය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේදී සොයාගත් පුපුරණ ද්‍රව්‍ය බවය.
සැකකරුවන් කුමන අරමුණක් සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙනයාමට උත්සහ කළේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු මීසාලේ, එළුදුමට්ටුවාල් හා අරියාලෙයි පදිංචි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්ය.
සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


COMMENTS
පුපුරන ද්‍රව්‍ය ඉවත් කරන්න ඉන්නෙත් හිටපු කොටි. මේ අය කොයි තරමක් මෙ විදියට අරගෙන ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. හෙට අනිද්දා වනවිට දෙමළ දේශපාලකයින් කියයි අහිංසක ගොවියන්ගේ පොහොර මිටි සමග අත්අඩංගුවට අරගෙන බොරු චෝදනා ඉදිරිපත් කරනවා කියලා...
එන පොට හරිනෑ. හුටමා හමුදා කඳවුරු ඉවත්කරලා ජාතික ආරක්ෂාව ඈලියාවට යැවීමේ ප්‍රතිඵල... ආරක්ෂක ලේකම්තුමනි, ප්‍රමාද වුනොත් ආයෙත් රටම අනාතයි. වහාම ආරක්ෂාව තරකරන්න ඔය බිම් බෝම්බ හොයන කොට හම්බවුණා කියන කතාවලට අහු නොවි. කට්ටිය දැන් ගේමට ආයෙත් සෙට් වෙන පාටක් තමයි පේන්නේ... ඒකයි කරුණාගේ කටත් ඇරුනේ...
ඡන්දෙ ළංවෙන්න, ළංවෙන්න තව තව බඩු හම්බවෙයි. ඡන්දෙ ඉවර වෙනකම්...
පටන් ගත්තා විතරයි... කිලෝ දහස් ගණන්... ඡන්දෙ ළංවෙනකොට ඉවසන්න.
මේ ආරම්භය... අගෝස්තු මුල බලන්නකෝ... තොග ගණන් ලැබේවි.
මේවා තමයි ඡන්ද උපක්‍රම.