(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදී සති දෙකක් ගිය පසු පාසල් අදියරෙන් අදියර විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් විවෘත කිරීමේදී උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2)යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඔක්තෝබර් මාසය වනවිට විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල විෂය නිර්දේශ අවසන් වී තිබෙන බවත් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.
කොළඹ රාජකීය ,කොළඹ විශාකා,ගම්පහ රත්නාවලි ,මහනුවර මහමායා යනාදී පාසල්වල විෂය නිර්දේශ මේ වෙනවිටත් අවසන් කර ඇතැයි සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා මේ තත්වය නොව සාමාන්‍ය තත්ත්වය යටතේ වුවත් එම පාසල් විභාගයට මාස තුනක් තිබියදී විෂය නිර්දේශ අවසන් කර පුනරීක්ෂණවලට යොමුවන බවද පැවසුවේය .
එම පාසල් ඉහළ ප්‍රතිඵල ලබාගෙන ඇත්තේ ඒ කැපවීම නිසා බවත් ගම්පහ රත්නාවලියේ උසස් පෙළට මාස තුනක් තිබියදී හැම වර්ෂයකම සියලු විෂය නිර්දේශ අවසන් ඊට හොඳම උදාහරණය බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ දරුවන් ටියුෂන් නොයන බවද ප්‍රේමජයන්ත මහතා කීය .
එම පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරුවරු මවුපියන්ගේද සහය ඇතුව සවස හතර හමාර වනතුරු පාසලේ පන්ති පවත්වන බවත් ඒ කැපවීම අනෙකුත් පාසල්වලටද ආදර්ශයක් බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය .
පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සිදුකරනුයේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා නිර්දේශ අනුව බවත් හැම එන්නතක්ම දරුවන්ට ලබා නොදෙන බවත් ඔහු කීවේය.
මේ වර්ෂයේදීත් විභාග තුනම ගිය වර්ෂයේදී පැවැත්වූ ආකාරයටම සාර්ථකව පවත්වන බවද සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේය .
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘අදියර කීපයක් යටතේ පාසල් විවෘත කරනවා‘‘
තීරණ Tuesday, 20 July 2021 08:00 PM
සීත කාමරවල සිට තීරණ ගන්නා නිලධාරින් මෙම තරඟ විභාග පවත්වනුයේ දිවයිනේ ප්‍රධාන පෙළේ ජාතික පාසල්වල විෂය නිර්දේශ අවසන් වී තිබෙන අයුරු සලකාද? මෙය ඉතා කණගාටුදායක තත්වයකි. මුළු රටේම මාර්ගගත අධ්‍යාපනය ලැබීමට කිසිදු වරමක් නොලැබූ දු දරුවන් අඩුම තරමින් 50%ක් වත් සිටියි. වාර විභාග 5ක් මඟහැරුණු රටේම දරුවන්ගේ වර්තමාන අධ්‍යාපන මට්ටම පිළිබඳ කිසිඳු දත්තයක් නොමැත... පෙනෙනතෙක් මානයේ ඇති කරුණු පදනම් කර තීරණ නොගන්න. පාසල් ආරම්භ වූ වහාම වාර විභාග පවත්වා එම ලකුණු අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් විශ්ලේෂණය කරන්න. කරුණාකර අඩු ළමයින් සහිත පාසල් ඉක්මණින් පටන්ගෙන රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ හිමිකම තහවුරු කරන්න...