
(යොහාන් භාසුර සහ රංජන් කස්තුරි)
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (23) පස්වරුවේ පැවසීය.
පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ද, සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බවත් රත්නායක මහතා කීය.
COMMENTS
කරුවලේ උයන්න බැරි හින්දා මම නම් කඩෙන් වඳ කොත්තුවක් ගෙනත් කාලා, සැපට නිදා ගන්නවා. හෙට උදේම නැගිටලා වෙඩි වැලක් පත්තු කරලා දරලිපේ කිරිබතක් උයාගෙන කාලා හවස් වෙද්දී බක්කි කරත්තෙන් රවුමක් ගහලා ඉතාම සතුටින් ජීවත් වෙනවා. මෙචචර හොඳට කාලා ඇඳලා, බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානය ලැබිලා, සනීපෙට ජීවත් වෙන්න රටක් තියෙද්දී මිනිස්සු මොකට නාහෙන් අඬනවද මන්දා? අර කැළණියෙන් වැඩම කළ නාගයාට උදේ හවස පිං දෙන්න ඕනා මේ රට මෙතරම් ඉක්මනට සෞභාග්‍යය කරා ගෙනආවාට...!!!