ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තවත් සාකච්ඡාවක් හෙට (27) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීමර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජි.එල්.පිරිස් , පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු සහභාගීවීමට නියමිතය.
(28535)
COMMENTS
ශ්රී ලනිපයට මෙහෙමත් ඇරිල්ලක්..
අත එන්න එන්නම දියවීගෙන යන පාටයි පෙනෙන්නේ. මෙහෙම ගියොත් අන්තිමේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් ඉතුරුවෙන එකක් නැහැ. සභාපති පිනට ලැබුණු තනතුර යොදාගෙන රට කරවපු ආකාරය අපට හොඳ හැටි පෙනුණානේ...
මේ පොහොට්ටුව පිපෙන්නේ නැත්තේ, හැම පැත්තක්ම වයසයි. පිටින් හැකිලිලා වයසට ගිය පෙති ටික කඩලා අයින් කරන්න. ලපටි පෙති ටික තියාගන්න.
මේ පක්ෂ දෙක අතර බේද ඇති කරන්න කියා අනෙක් පක්ෂ වල අය පොල්ගහනවා ඇති. ලංකාවේ ඉන්න පොහොට්ටුවේ අය ඉන්දියාවේ කෝවිලකට භාර වෙනවා ඇති.
හොරුන් දුෂකයන් ගොඩනගාගෙන තිබෙන මජර පක්ෂයකට රටේ වැදගත් නායකයෙක් විසින් පංචමහා බලවේගයක් ඒකරාශී කරමින් ගොඩනගපු බලවත් අත පැහීමට සොබාදහමවත් ඉඩදෙන්නේ නැත . ඒකයි ඔය සාකච්චා පවා කඩාකප්පල් කර අරින්නේ .
අන්න අතෙන් පොහොට්ටුවට පැනපු අයට විනය පරීක්ෂනලු .. විපක්ෂ නායක පට්ටමත් ගලවලා යයි වගේ .. මේ රන්ගේද කියල අහපු කෙනත් එලියටලු . මගේ හිතේ තිබෙන සන්තොසය කාටද ඕනේ //?
තවත් මොන සාකච්ඡාද ? ජනාධිපති අපේක්ෂකයා තනියෙන් තීන්දුකරලා ඉවර වෙලා ද සාකච්ඡා කරන්න එන්නේ ?