(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතිය තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුකිරිමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සංධානය ප්‍රකාශයට පත් කෙරෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
සන්ධානයේ නම නිල වශයෙන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කීවේය.
COMMENTS
සිරිසේන, සජිත් සමග එකතු වෙයි කියලා මෙන්න බයවෙලා. ඕක තමයි කියන්නේ වෙදකමට කුකුල් බෙටිත් ඕනෑවෙනවා කියලා...
මුන්නැහේලා නම් අලුත් ආණ්ඩුවේ ඉන්න එකත් තේරුමක් නැහැ.
සජිත් ආවෝත් මෙතුමා කුට්ටියක් කඩන් එජාපයට යනවා කියලත් ආරංචියක් තියෙනවා. ජවිපෙ ඉඳන් ශ්‍රීලනිපය ගිය එකේ යූන්පි එකටත් යයි කියන එකත් වෙන්නත් බැරි නෑනේ..
බොරු කියන්න එපා... අපේක්ෂකයා තෝරලත් ඉවර වෙලා දැන් සාකච්ඡා කුමකටද ?
කාවද ඔය රවටන්න හදන්නේ.. සිරිසේනවද? බණ්ඩාරනායකලාවද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාවද? ඡන්ද දායකයාවද?
අත තීරණය කරලා ඉවරයි ... පොහොට්ටුව වගේ
ඇයි... ගෝඨාව රජ කරන්න චන්න මැදිවෙලා වගේ?
මේ කොට මහත්තයා දේශපාලනය එපාවෙලා පැදුරටත් නොකියා ඇමරිකාවට පැනලා අප්‍රසිද්ධියේ හිටිය විදිය අපි නම් දන්නවා. මොහු හිතනවා ඇති මීමින්නා ඔලුව වහගෙන හැන්ගුණාම කාටවත් පෙනෙන්නේ නැහැ වගේ... මගේ වැරදි දැන් යටගිහින් ඇති කියලා. බලය පාවිච්චි කරමින් අඩු අධ්‍යාපනික පවුලේ සහෝදරයින්ට නීති විරෝධීව තාන්න මාන්න පූජාකෙරුවා. කෝ ඒ නඩු කොහේද සඟවලා තිබෙන්නේ? වහලුන්ට වෙට්ටු දැම්මාට අපිට දමන්න බැහැ. අපි එකින් එක ජනතාවට මතක් කර දෙනවා.
මෙන්න ඩලස් ඊළඟ නඩුව... අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තම ඇමෙරිකානු පුරවැසිබව ලබාගෙන ඇත්තේ වසර 2003 දීය. අනතුරුව වසර 2005 සැප්තැම්බර් මස 04 වැනි දින මෙරටට ගොඩබැසීමෙන් පසු ගුවන් තොටුපළේදී ලබාගත හැකි සංචාරක වීසා බලපත්‍රයක් යටතේ මෙරටට ඇතුලුව ඇති රාජපක්ෂ මහතා එකී කාලසීමාව තුළ තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහාද තම දායකත්වය දක්වා ඇත්තේය. දින 30කට පමණක් වලංගු සංචාරක වීසා බලපතක් යටතේ මෙරටට ඇතුලුව එලෙස මැතිවරණ කටයුතු සඳහා සහභාගී වීමද මේ රටේ ආගමන හා විගමන පනත් ප්‍රකාර (45 (1) (ඒ) අදාළ කොන්දේසි කඩකිරීමක් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක්ද වන්නේය .
හොරු ඔක්කොම එකතුවෙන බව අපි දන්නවා. කාලකන්නි වගේ ඉන්නේ නැතුව රට වෙනුවෙන් වැඩක් කරන්න... අපෙන් කන බත් ටිකටවත්.
එක්තරා පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් ගෝඨාභය තම ශ්‍රී ලාංකීය පුරවැසි බව ඉවත් කරගෙන සිටි කාලයේ පැවැත්වූ ජනාධිපතිවරණයේදී තම ඡන්දය භාවිත කිරීමත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව සිටීමත් නීති විරෝධී යැයි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කරලා නේද? 1981අංක15 දරන ජනාධිපතිවරණ මැතිවරණ පනතේ ප්‍රකාරව ව්‍යාජ ලෙස ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම හා ඡන්දය භාවිත කිරීම අධිකරණය හමුවේ දඬුවමට ලක්විය හැකි වරදක් කියලයි ඒගොල්ලෝ චෝදනා කරන්නේ. එ් විතරක් නෙමේ. 2005 දී සංචාරක වීසා බලපත්‍රයක් යටතේ මෙරටට ඇතුලුව ඇති රාජපක්ෂ මහතා එකී කාල සීමාව තුළ තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද තම දායකත්වය දක්වා තියෙනවාලු. දින තිහකට පමණක් වලංගු සංචාරක වීසා බලපතක් යටතේ මෙරටට ඇතුලුව එලෙස මැතිවරණ කටයුතු සඳහා සහභාගී වීමද මෙරටේ ආගමන හා විගමන පනත් ප්‍රකාර කොන්දේසි කඩකිරීමක් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක්ලු. මාර වැඩේ නේද මහත්තයෝ ? හොඳින් හරි නරකෙන් හරි මෙදා නම් දිනන්නම වෙනවා.හොඳ වෙලාවට මේ මහත්තුරු ඒ ක්‍රම සහ විධි ගැන හොඳට දන්නා අයනේ. නේද?
මෙයා තමයි රාජපක්ෂලාගේ සේවය කරන මෙයාටත් එ්කෙන් රජ සැප ලැබිලා තිබුණා. අායිත් ඒ රජ සැප ඕනෑවෙලා වගෙයි..