IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (21) පැවැති කැබිනට් රැස්වීමට අදාල කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

ඒ අනුව අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ලබන වසරේ ජනවාරි 1 වැනිදා සිට මාස හතරක රජයේ වියදම පියවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක්ද අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව වාර්තා වේ.

 



අදහස් (15)

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

Adiri Wednesday, 21 November 2018 02:16 PM

කොටි නිදහස් කරනවද?

:       12       192

BamunuarachchiThursday, 22 November 2018 02:55 AM

පිස්සුද? මහින්ද, ගෝඨාභය අපි කොටි නිදහස් කරනවාට කැමතිද? එහෙනම් අපි එජාපෙ හොඳයි කියනවනේ. ප්‍රභාකරන්ට අවුරුදු 10කට උතුරේ පාලනය දෙන්න යෝජනා කෙරූ රනිල්වත් දින නියමයක් නැතිව බරපතල වැඩ ඇතිව දඬුකඳේ ගහනවා නම් උඩින්ම කැමතියි. දඬුකඳ මම දෙන්නම්...

:       0       0

CPS Wednesday, 21 November 2018 02:35 PM

S 48 (2) අනුව අපේ රටේ දැන් අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නෑ

:       1298       1548

kamaruddeenThursday, 22 November 2018 05:18 AM

මටත් හිතාගන්න බැරි මේකම තමයි. ජනතිපති අපිව මෝඩයාට අන්දනවා වගේ.

:       0       114

පාල ගාල්ලගේ Wednesday, 21 November 2018 02:36 PM

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත වේවි එහෙනම්.

:       520       246

Chanak Los angeles Wednesday, 21 November 2018 03:58 PM

තවම පාර්ලිමේන්තුව තියාගන්නවත් බැරිවුනා නේද ? පාරේ ඉඳලද ඕක සම්මත කරගන්නේ ?

:       108       379

Silva Wednesday, 21 November 2018 08:22 PM

වැඩක් නොකරන රජයකින් වැඩක් තිබේද? නිකන් සල්ලි වියදම් නොකර මේ 225 ට කියන්න රස්සාවක් හොයාගන්න කියලා. මෙයාලගේ නාඩගම් පත්තරවලිනුයි TV චැනල්වලිනුයි පෙන්නන එක අයින් කළාම නිකම්ම හරියයි.

:       0       0

පුෂ්පකුමාර Wednesday, 21 November 2018 08:53 PM

අලි බබා සහ හොරු හතලිහ හොරාකන්නේ ඒ අයම අනුමත කරගත් ක්‍රමවේදයකට තමයි. හොර තක්කඩි කොල්ල කල්ලිය !!!

:       0       0

sumudu Thursday, 22 November 2018 01:04 AM

බහුතරය බලන්න හොඳ අවසථාවක් .

:       0       0

gamaathi Thursday, 22 November 2018 04:42 AM

නීත්‍යනුකුල නොවන රජයක් අතුරු සම්මත ගිණුම් යෝජනාවක් ගෙනෙන්නේ කොහොමද ?

:       0       117

dias Thursday, 22 November 2018 08:18 AM

ජනාධිපති අගමැති දෙන්නම වංචාව කරන්නේ.

:       0       59

Saththaya Thursday, 22 November 2018 08:26 AM

හොර කැබිනට් වලටත් අතුරු සම්මත ගිණුම් සම්මත කර ගන්න පුලුවන්ද ? අපිටත් බැරිද මන්ද ?

:       0       56

Mahee Thursday, 22 November 2018 08:46 AM

කට්ටියම එකතුවෙලා රට අනුභව කරන්න එපා අනේ. තව පස්සේ එන අයටත් කන්න ඉතුරු කරන්න. අපි සීනිවලින් පාන් වලින් බදු ගෙවල කොහොම හරි ඔහෙලගෙ අතුරු මිතුරු ගිණුම් පියවන්නම්කො.

:       0       5

dissa Friday, 23 November 2018 01:54 AM

මෙය කෙසේ හෝ උත්තරීතර පාර්ලිමේන්තුවට යොමු කොට එයින් වැඩි ඡන්දයෙන් සම්මත විය යුතුයි .

:       0       0

nivahal deshayak sandaha satana Monday, 11 February 2019 09:53 AM

කියනවා විතරයි කරන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 243 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site