
(යොහාන් භාසුර)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අතරමැදියන්ගේ ගබඩා හයක් වටලා වී කිලෝ ලක්‍ෂ 40 කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු ආධිකාරිය බාරයට ගෙන මුද්‍රා තැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පස්වරුවේ පැවසීය.
මුද්‍රා තබා ඇති මෙම ගබඩා හයේ ඇති වී තොගය සහතික මිලට වී අළෙවි මණ්ඩලයට අළෙවිකිරීමේ අවස්ථාව එම අතරමැදියන්ට ලැබෙන බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ නොවුණ මෙහොත් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.
වී තොග රැස්කිරීම දිගින් දිගටම පුරුද්දක් ලෙස කරගෙන යන මේ පුද්ගලයන්ට රජ්‍ය බැංකුවලින් විශාල වශයෙන් ණය සපයලා ඇති අතරම එහිදී ලංකා බැංකුව වැඩි ණය ප්‍රමාණයක් ලබාදී ඇති බවත් මෙම පුද්ගලයන්ට සහල් මිල ඉහළ දැමීමේ චේතනාවෙන්ම තොග රැස්කිරීමට අවස්ථාව දියනොහැකි බවත් අමාත්‍යවරයා කීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු කණ්ඩායම අද (25) පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්වල අතරමැදියන්ගේ වී ගබඩා වැටලීම් ආරම්භ කළ බව අමාත්‍යවරයා හෙළි කළේය.






COMMENTS
ලොව ආහාර වලින් අධික ලාභ ගන්නා එකම රට මේ ශ්‍රී ලංකාව පමණයි. ආහාර යනු දෙවියන්ගෙන් ලද්දක් සේ එම රටවල මිනිසුන් සලකයි. සුළු ලාභයක් තබාගෙන වියළි ආහාර මෙන්ම පිසූ ආහාර ඔවුන් විකුණයි. ඒ අතින් අප රටේ සියලුම දෙනා අවාසනාවන්තයෝ ය.
පාරිභෝගිකයා ගසා කමින් අධික ලෙස ලාභ ලබන සැවොම ප්‍රවේශම් විය යුතු කාලයක්... කොරෝනාව තවත් ප්‍රභේද අනුව පැමිණිය හැකි බව අසාධාරණ අයුරින් කටයුතු කරන සැවොම සිත්හි තබා ගත යුතුයි. එසේම වසවිස යොදා ජනතාවට ආහාර පාන සපයන තැනැත්තන්ද මේ ගැන සිතට ගැනීම සුදුසු වනු ඇත. මේ ස්වභාව ධර්මය විසින් ලෝකය පාලනය කරන සමය බව අවබෝධ කර ගනිමින් ධර්මිෂ්ඨව ජීවත්වීමට අදිටන් කරගනිමු. එසේම ජනතා මුදල් ගසාකන පුද්ගලයින්ද ප්‍රවේශම් විය යුතු කාලයක්...
හාල් නැව ආවට පස්සේ නඩුත් හාමදුරුවන්ගේ බඩුත් හාමදුරුවන්ගේ
මෙවැනි මහජනයා සූරාකන ජාවාරම් කාරයින්ට අනුබල දීම සම්බන්ධයෙන් එම සභාපතිවරයා අස්කර දැමිය යුතුයි...
එම වී නැවත සාර්ථකව බෙදා හැරීමට පාරිභෝගික අධිකාරියට හැකි වේවා.