IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ගසා මෝටර් රථයෙන් මත්පෙති ඇදලා

(එම්.සුසිල් ප්‍රියන්ත )

අත්‍යාවශ්‍ය සේවා දැන් පුවරුවක් සවිකරගෙන ඇදිරි නීතිය අස්සේ ජංගම දුරකතනය ඔස්සේ මත් පෙති හා ගංජා මෝටර් රථයකින් ගෙන්ගෙට ගොස් බෙදාහරින අයෙකු අද (8 ) අහුන්ගල්ල බැබිලමල් පොකුන ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි .

සැකකරු මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ මත් පෙති 350 ක් හා ගංජා කැලි තොගයක් මේ ජාවාරම කිරීමට භාවිතා ජංගම දුරකථන දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ඇදිරි නීතිය නිසා තිත්පොලවල්වලට ගොස් මත් කුඩු හා ගංජා ලෝලීන්ට ඒවා ලබාගැනීමට ක්‍රමයක් නොතිබූ බැවින් මේ සැකකරු සිය මෝටර් රථයෙන් මේ මත්ද්‍රවය ඔවුන් ලගටම ගෙනගොස්දීම පිලිබදව ලැබුණු තොරතුරකට අනුව මේ වැටලීම සිදුකළ බවද පොලීසිය කියයි .

හෝමාගම ප්‍රදේශයේ කරණවැමියෙකු ලෙස සේවය කරන මේ සැකකරු අහුන්ගල්ල මාකුඹුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් අයිස් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ චෝදනාව මත ඔහුට නුගේගොඩ මහාධිකරණයේ නඩුවක්ද තිබෙන බවත පොලීසිය පවසයි.



අදහස් (4)

අත්‍යාවශ්‍ය සේවා බෝඩ් ගසා මෝටර් රථයෙන් මත්පෙති ඇදලා

Raveendra Wednesday, 08 April 2020 04:03 PM

කරුණාකර මෙම තිරිසනුන් සමාජයෙන් අයින් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ඒවා පින් අතේ වැඩය..

:       1       117

Kumar Wednesday, 08 April 2020 04:05 PM

සුපුරුදු පරිදි පොලිසියෙන් මත විකුණන් සුලුවෙළෙන්දෝ අල්ලනවා. ලොකු මුදලාලිලාට අත තියන්නේ නැහැ. ඇමෙරිකාවේ වගේ මුදලිලා ළඟ තිබෙන සල්ලි රාජසන්තක කලේ නැතිනම් කරන්නේ බොරු වැඩක්නෙ.... ඔය කුඩු එන්නේ ආණ්ඩුවේ ගබඩා වලින්ද?

:       0       130

කපුරුහාමි Wednesday, 08 April 2020 04:25 PM

මෙ අයව ගස් බැදලා අතපය කැඩෙනකම් ගහන්ඩයි වටින්නේ...

:       0       50

RaveendraWednesday, 08 April 2020 06:16 PM

කිසිදු පලක් නොමැත... මරණ දඩුවම හැර වෙන නම් විකල්ප නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 101 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site