(අජන්ත කුමාර අගලකඩ)
වාහන , ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රමුඛ නොවන වියදම් කපා හරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යාංශවලින් සහ නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.
භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු අඩුවීමට ඉඩ ඇති බැවින් රාජ්‍ය නියෝජිත ආයතන සහ රජයට අයත් ව්‍යවසායන් මගින් කෙරෙන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ද පහත මට්ටමක පවත්වා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
රජයේ ආදායම යළි සකස් කර ගැනීමට යම් කාලයක් ගතවන බැවින් රජයේ මුදල් වැය කිරීමේදී සිරුවෙන් කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය නැති වියදම් තමයි ලංකාවට දරන්න බැරි... ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, රාජ්‍ය නොවන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා, ආණ්ඩුකාර මේවගේ පට්ටම්වලට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරන එක. අනිත් රටවල් දිහාවත් බලලා අපි හැදෙමුකෝ ජනාධිපතිතුමනි...
බොහොම හොඳ වැඩක්. ඒ අතරතුර කෘෂි උපදේශකවරුන්ගේ කාර්යයන් ගැනත් සොයා බලන්න. දැනට කෘෂි උපදේසක ලෙස කටයුතු බාරගෙන ඇත්තේ පුද්ගලික සමාගම්වල නියෝජිතවරු බව ගොවිමහතුන්ගේ සම්මුඛ සාකච්ඡා වලින් වැටහේ. විදේශීය විනිමය ඉතුරු වෙනවා වගේම මහජන සෞඛ්‍ය වියදමුත් අඩුකරගත හැකිවෙනවා. රසායනික පොහොර හා අනවශ්‍ය රසායනිකයන් වැඩිපුර භාවිතයෙන්....
මේ වචනය ගොඩක් ගැලපෙන්නේ රාජපක්ෂවරුන්ට, මිසක් අැමැතිලට නෙමේ. නායකයෝ දෙන්නා කියන විදියට තමයි... සේරම කට්ටිය වැඩ කරන්නේ. කලින් බලය තියෙනකොට ලබාගත් මුදල්, මෙවැනි දේවල් කෙරුවා කියලා පාඩුව පිරිමහන්න බැහැ. රටේ ජනාධිපතිවරයාට මිනීමැරුම් නඩු, දූෂිත නඩු, ඉල්ලා අස්කිරීමේ නීතිය ගෙනාවේ ජේ.ආර් ජයවර්ධන නම් , එය පාර්ලිමේන්තුවට දමා කෙසේ හෝ අයින් කරන්න, එවිට තමයි නීතිය කාටත් පොදුයි කියලා කියන්න පුළුවන්...
මේ වචනය... ගොඩක් ගැලපෙන්නේ රාජපක්ෂවරුන්ට... මිසක් අැමැතිලාට නෙමේ.., නායකයන් දෙන්නා කියන විදියට තමයි. සේරම කට්ටිය වැඩ කරන්නේ.., කලින් බලය තියෙනකොට ලබාගත් මුදල්, මෙවැනි දේවල් කෙරුවා කියලා පාඩුව පිරිමහන්න බැහැ. රටේ ජනාධිපතිවරයට මිනීමැරුම් නඩු, දූෂිත නඩු, ඉල්ලා අස්කිරීමේ නීතිය ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන නම්.., එය පාර්ලිමේන්තුවට දමා කෙසේ හෝ අයින් කරන්න. එවිට තමයි නීතිය කාටත් පොදුයි කියලා කියන්න පුළුවන්.. නැතිනම් මුළු රටවැසියම මරලා අධිකරණයෙන් නිදහස් වෙයි.
" ගිය සුමානේ අගමැති අයියා නුවර ගියේ වාහන 23 සමග...බොරුද...? එදාම ජනපති මල්ලි ඔය කොහේදෝ ගියා වාහන 3 යි. ඕවා අපිට කියන්න ඉස්සරින් තමන්ගේ පවුලේ අයට කියන්න. තවම සුමන 2 වත් නැහැනේ... තව ටික දවසකින් බෑනලා 3 දෙනා වැඩ පටන් ගනීවි..
ජනාධිපතිතුමනි, සමහර අමාත්‍යාංශ තියෙන්නේ කෝටි ගණන් මාසෙට බදු ගෙවමින් තියෙන ගොඩනැගිලිවල. ඒවා තමා අනවශ්‍ය වියදම්. එක්කෝ රජයේම ගොඩනැගිලි වලට ඒවා ගෙනියන්න, එහෙම නැත්තම් අඩු වියදම් නගරයෙන් පිට ගොඩනැගිලිවලට තාවකාලිකව ගෙනගොස් පසුව රජයේම ගොඩනැගිලි හදාගන්න. එහෙමත් බැරිනම් දැනට තියෙන ගොඩනැගිලි පවරාගන්න තමයි තියෙන්නේ... අනික ඔය මැතිඇමැතිලාට හොඳට පෙට්‍රල් කරන වාහන පවිච්චි කරන්න කිව්වා නම් හරි...
හොඳම උදාහරණය ගිය ආණ්ඩුවේ රනිල් අර කෘශිකර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාසෙට ලක්ෂ දේසියක් ගෙවමින් ඉන්නවනේ. හිතන්න ඒ කොච්චර බදු සල්ලියක්ද නාස්ති කරලා තියෙන්නේ කියලා. ආන්න ඒ වගේ ඒවා අඩු කරගත්තා නම් ගොඩ...
ඉතා ජනප්‍රිය බ්‍රිතාන්‍ය ටෙලි වෘත්තාන්තයක තිබුණා අගමැති නියම කරනවා අමාත්‍යාංශවල වියදම් කපාහරින්න කියලා. එක අමාත්‍යාංශයක් හොයලා හොයලා අන්තිමට කපලා දැම්මේ කාර්යාල සේවකයින්ට තේ සපයන මනුස්සයාගේ පඩිය. මෙතෙන්දීත් අනවශ්‍ය වියදම් කියලා දෙයක් හොයාගන්න බැරිවෙයි කාටවත්...
මම දන්නා ගමක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නමට විතරයි. දවල් 2 වෙනකොට කාර්යාල සේවිකාවෝ සියලුම වැඩ නවත්තලා ගෙදර යාමට සූදානම්. පොල්වගා උපදේශක උපදෙස් පැමිණිය යුතු දිනවලට වෙලාවට එන්නේ නැහැ. නමට කෘෂිකර්ම මධ්‍යස්ථානය. උපදෙසක් ගන්න කෙනෙක් නැහැ...
ඇත්තටම හොඳ දෙයක්... නමුත් අපේ රටේ දැනට තිබෙන දැවෙන ප්‍රශ්න තමයි 1. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම 2. රාජ්‍ය වියදම අඩුකර ගැනීම 3. රාජ්‍ය ණය හා පොලිය කළමනාකරණය කර ගැනීම. 4 .වක්‍ර බදු අඩු කොට සෘජු බදු හා වෙනත් රාජ්‍ය ව්‍යාපාර වලින් ආදායම් උපයා ගැනීම එබැවින් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී තිබෙන අපේ රට ඉදිරි මැතිවරණ ජයග්‍රහණ ලබා දුන් පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා මෙලෙස බදු අඩු කිරීම ඒ තුළින් තවත් මූල්‍ය අර්බුදයකට ලංවීමට ඉඩඇත. එබැවින් අපේ රටේ ආර්ථිකය වසර 2ක පමණ සමස්ත පරිවර්තනයකට ලක්කොට ජනතාවට දීර්ඝ කාලීන සහන ලබාදෙන්නේ නම් වඩාත් යහපත් බව ඒ මාගේ හැඟීමයි. අපේ රටේ පවතින ආර්ථික අර්බුදයත් එහි යථාර්ථය ජනතාවට වසන් කිරීමකින් තොරව දැනුවත් කළ යුතුය. නව ජනාධිපතිතුමන්ට හෝ ආණ්ඩුවට එක වරම මේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නැංවිය නොහැක. නමුත් ඵලදායී වැඩපිළිවෙළක් ඒ සඳහා ඉදිරිපත්කර තිබේ...
ඔය ඇමතිලා ගණනෙන් රට අපූරුවට දුවන්නේ? ඒ නිසා ඡන්දෙන් පස්සෙත් ඔය ගණනම ඇති. අනික මහජන වැඩ වලට වෙන් කරන මුදලින් කොටසක් ගසා කන පළාත් සභා ඕනෙත් නැහැ.
ලොක්ක 2010 පටන්ගත්තේ මම ඔබගේ සේවකයා කියලා. පස්සේ පුතාලට දුන්නා කාර්රේස් යන්න. නුවර ආපු දවසට ගැටඹේ ඉඳලා පාරේ වාහන නවත්තන්න බැහැ. අයියාට උපදෙස් දෙන්න ඔහුව පාලනය කර ගන්න. කරුණාකරලා තමන්ගේ නම ආරක්ෂා කරගන්න. ඔය ඇමතියන්ට පාරේ යනකොට එක වාහනේකට වඩා අරගෙන යන්න දෙන්න එපා. ඔබතුමාට පුළුවන් කට්ටිය පාලනය කරගන්න. එහෙම නොවුනොත් මිනිස්සු කළකිරෙයි.
"නමුත් ඵලදායී වැඩපිළිවෙළක් ඒ සඳහා ඉදිරිපත්කර තිබේ" මෙය තිබේ යන්න තිබේද වශයෙන් වෙනස් වුවහොත් නියමයි. පොරොන්දු සහ සියලුදේ නිකම් දෙන දේශපාලනය හැර නියම ක්‍රමයට ආර්ථිකය හැසිරවීමක් තවම පෙනේද? රුපියල් ලක්ෂයක් වැටුප් ලබන කෙනෙක් රට වෙනුවෙන් 4500 දායක වීමේ වැරැද්ද මොකක්ද?...
මේ කියන අමාත්‍යවරුන්ට අගමැතිත් අයිතිද? අනවශ්‍ය හෝ අත්‍යවශ්‍ය නොවන වියදම් මොනවද කියලා අපෙන් අහන්න ජනාධිපතිතුමා.. අපි පෙන්වලා දෙන්නම්.. අපි මේ අවුරුදු විසි තිස් ගාණක් පුපුර පුපුරා බලාගෙන ඉන්නේ එව්වා දිහා තමයි...
සෑම රජයේ ආයතනයකම මහජනතාවට සහ සේවකයින්ට රජයේ වියදම් අඩු කිරීම සඳහා ලකුණු ලබා දිය හැකි මාර්ග සෙවිය යුතුය.
ඔයා කියන්නේ විපක්ෂයෙන් පත්වීම් දුන්නු පන්දම් කාරයින් එළවන්න කියන එක නේද?
පින්සිරිගේ කල්ලියට ගෝලයෝ ස්විට්සර්ලන්තෙට අරිනවා ඇර වෙන වැඩ නැහැනේ දැන්. මේකේ කොටනවා.
එහෙම වෙනවා නම් හොඳයි...