අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) ප්‍රකාශ කළේය.
දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) පැවැසීය.
එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් එය සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටුවන බව අධිපතිවරයා කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.
කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මස 9 වැනිදා අදාළ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කරන ලදි.
ඒ අනුව පරාටේ එක්සිකියුෂන් (Parate execution) යටතේ කෙරෙන දේපළ සහ වාහන පවරාගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව අධිපතිවරයා එහිදි කීය.
දැනට ලබා දී තිබෙන ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත් වන බව ද හෙතෙම කීවේ ය.
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට ණය වැඩිපුර ගෙවීමට සිදුව ඇත්නම් ණය ගෙවීමට අපහසු නම් ණය ගෙවීම් පමා වන්නේ නම් එම ව්‍යාපාරවලට සහන දීම රුපියල් මිලියන 15,000ක් වෙන් කරන බව ද ඔහු කීය.
ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුන තුළ දී වැඩිදුර විස්තර සහිත නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.
(055)
COMMENTS
මොකදද මේ වෙලා තියෙන්නෙ
මේ ඔක්කෝටම පිස්සු...
එක තීරණයක නැති රජයක්...
තීරණ ගැනීම එහි වෙනසක් කිරීම සාමාන්‍ය දෙයක්.. අවශ්‍යතාවය මත කරන්න පුළුවන්.. ලොකු දෙයක් නෙවෙයි... මිනිස්සුන්ගේ හිතන විදිහ...
මේ රටේ මොනයම් හේතුවක් නිසා හෝ වරක් ඉහළ ගිය මිලක් කිසිදා පහතට ඇවිත් නෑ. මේ කරන වැඩවලින් වෙළෙන්ඳන්ට අයුතු වාසියක් ලැබෙන එක විතරයි වෙන්නේ...
නිල මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලබා ගැනීමට දිරි ගැන්වීම - සබාවේ සිනා! කිඹුල් කඳුළු. කළු සල්ලි, සුදු කරන්න ඩොලරය 200 සවි කරගෙන ඉන්නවා. කොහොමද පිටරට ඉදන් මෙහෙට සල්ලි දාන්නේ...? කළු සල්ලි සුදු කරන්න උඩගෙඩි දෙන්න බැරි නිසා සමහරු බැංකු හරහා සල්ලි එවනවා. ඒත් 200 සවි කරගෙන ඉන්න නිසා 30%කට වඩා දැන් පාඩුයි. SDA වලින් 7% FD රේට් එකක් දුන්නත් අනිවාර්යයෙන් ගන්න වෙන්නේ රුපියල් වලින්... ලංකාවට විධිමත් විදිහට සල්ලි ගෙන්වාගන්න ඕනේ නම් ඩොලර් රේට් එක හරි ගස්සන්න ඕනේ!
හොඳ වැඩක්...
එහෙම නම් සමහර අමුද්‍රව්‍ය පොහොර, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකට ඇති තහංචි වල තත්වය කුමක්ද?
මේ රජයට රටක් පාලනය කිරීමට ඇති නොහැකියාව සහ අසමත්භාවය යලිත් පෙන්නුම් කර ඇත.
මොන බයිලා කිව්වත් වැඩක් නෑ.. බඩු ගේන්න ඩොලර් දෙන්නැතිනම්... මිඩියා ශෝ විතරයි..
මේකෙන් කියන්නේ නැහැ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේ තහනම ඉවත් කලා කියලා .එහෙම බඩු ගෙන්වන්න ඩොලර් අවශ්‍යමයි .ඩොලර් නැත්නම් සහ තහනම ඉවත් නොකලොත් තව දුරටත් එම බඩු ගෙන්වන්න බැහැ
හයියෝ මම කාර් එකක් ගන්න හිටියේ
ඒකත් රිවස් ! දැන් හොඳටම පැහැදිලියි යුද්දේ කලේ කවුද කියලා..?
අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ මොන කෙන්ගේඩියකට ගෙන්වා වීදේශීය විනිමය නාස්ති කරනවද? බලන්නකෝ දැන් ජෙප්පෝ කෑගහන හැටි...
ඔබට කාර් ගෙන්වන්න රටේ විදේශීය විනීමය නාස්තිකරන්නේ මොකටද? ඊට වඩා හොඳ නැද්ද බංගලි වලලු ගෙන්වන එක...?
බන්දුල ගුණවර්ධන ඇමතිතුමා පොරොන්දු වුණා ආනයනය කරන ඇඳුම් වෙනුවට ලංකාවේ ඇඳුම් නිපදවලා දෙනවා කියල. ඒ අනුව ඇඟලුම් කාර්මිකයින් නිෂ්පාදනය ආරම්භ කරලා ඇති. දැන් බන්දුල ඇමතිතුමා ගන්න තීරණය මොකක්ද? මහපු දේශීය ඇඳුම් රජයෙන් මිලදී ගෙන නොමිලේ බෙදලා දෙනවද? කබ්රාල් ගත්ත තීරණයට බන්දුල ඇමතිතුමා විරුද්ධ වෙනවද?
මෙයා යුද්ධේ සැලසුම් කලානම් ප්‍රභාකරන් අද මුළු රටම අල්ලාගෙන.
ජනාධිපතිතුමනි නරකද ගැසට් ගහන්ඩයි ඒව රිවස් කරන්ඩයි වෙනම ඇමති කෙනෙක් පත්කලොත්. මොකද දැන් රජය හොඳටම කරන්නෙ ඒ වැඩේ විතරනෙ
කොහොම වුනත් මේක හොඳ තීරණයක්. වහගෙන ඉඳලා රටක් දියුණු වෙන්නේ නැහැ. ආනයන අපනයන දෙකටම ඉඩ දෙන්න ඕන. එතකොට තමයි වැටිලා තියෙන ආර්ථිකයට පණ එන්නේ. ආණ්ඩුවේම අය මොනදේ කිව්වත් වැටුන වලෙන් ගොඩ එන්න වෙන ක්‍රමයක් නැ.
දැනට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා වන බදු සහ ඔබේ ප්‍රකාශ ඉවත් කිරීමට ඔබට හැකි නම්.
දැන් ඉතින් ඔක්කොම හරි.