( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ , එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතිඥ නිලංග පෙරේරා මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි.පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.
එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.
එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
COMMENTS
ඇයි රාජ්‍ය මුදල් අවභාවිත කරන්න ලයිසන් දීලා තියනවද ?
මොකද අප්පා ඔය තරම් බය?
මගේ මුලික අයිතියක් වන හොරාකාපු සේරම සාධාරණිකරණය කරන්න ඉඩ නොදීම... අනිත් 224 ත් හොරා කෑවා අහිංසක මම ඌරා විතරක් මාට්ටු වුනා.. එතකොට අර යස අගේට ඉන්නේ බැංකු කාපු ඌරෝ ටිකත්, උන්ට කිසි කරදරයක් නැහැනේ. ඔය ඇවිත් පාට පාට කැට ඉදිරියේ ගම ඌරන් විදියට අහිංසකව කතා කරන්නේ.. එනිසා අනිකුත් 224ටම දෙන සහනය මටත් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
චන්දෙ කිට්ටුයිනෙ... ටික දවසකට ඇතුලට දාල චන්දෙන් පස්සෙ ආයෙත් එලියට ගන්නවා. අපේ මෝඩ සිංහලයො ආයෙත් රවටනව. ඕක තමයි වෙන්නෙ....
මාර කෙළියක්නේ.. ජනතා මුදල් වලින් ජෝගි නටල මදිවට එව්වට දඬුවම් දෙන්න තියෙන ආයතනයටම කියනවා එව්වගෙන් ඒ දඬුවම් වලින් මුදවන්න නියෝග දෙන්න කියල. දාන්න තියෙන්නේ හිරේට නොවෙයි කොරෝන කාරයෝ ඉන්න කාමරේකට.
ඔවා අපි කළොත් විතරද අත්අඩංගුවට ගන්න පුළුවන්...? මොනවද මෙ ගොල්ලන්ට විතරක් තියන මූලික අයිතිවාසිකම්?
හරිම විනෝදයි...
ගෝඨා අයියාගෙන් උගත් පාඩමකි.
ඔබ ඉගෙන ගත්තේ මොරටුවේ... ඔබ සිංහල දෙමල මුස්ලිම් සියලුම ජාතින් සමග එතන අද්‍යාපනය ලැබුවේ ඔබ මේවට කිසිසේත්ම සම්බන්ද නොවෙන බව සිසුන් දන්නවා. අත්අඩංගුවට පත් වන්නේ වැරදි කලා නම් පමණි... ඕවා පසෙක දමා දැන් මේ තියෙන ප්‍රශ්නය ජිවිත රැකගන්න මූලිකත්වය ගන්න... මේ සඳහා සංවිධාන ශක්තිය පන්නරය මොරටුවෙන් ඔබට ලැබී ඇති නිසා බැවිනි...
අත් අඩංගුවට ගන්න නෙවේ, වහා හිස ගසා මරා දැමිය යුතුයි...
නඩුව සලකාබලන කාලයතුල තාවකාලිකවත් බොරු ලෙඩක්වත් අරගෙන සිංගප්පුරුවට ගියොත් හොඳ නැද්ද?
අර විල්පත්තු කැලේටත් කතා කරලා කියන්න පුළුවන් නම් මූලික අයිතිවාසිකම් ගැන.... මේ politicco අත ලගින් ඇසුරු කළ පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරුවන් අතින් මැරිලා ගිය අහිංසක මිනිසුන්ටත් කතා කරලා කියන්න පුළුවන් නම් මූලික අයිතිවාසිකම් ගැන.... මට නම් මතක් වෙනකොටත් කඳුළු එනවා...
මෙවන් මුලික අයිතිවාසිකම් සාමාන්‍ය ජනතාවට නැද්ද? මේ අයිතිවාසිකම ඉල්ලන්නේ මැති ඇමතිවරු පමණයි.
අපිත් මෙච්චරකල් බලාගෙන හිටියේ ඔයටික වෙනකම්... ඔක නොකෙරුණොත් අපි ඉදලා වැඩක් නැහැ. කොහොමහරි අත්අඩංගුවට පත්වෙන්න ඔනෙ...
කට්ටි පැන පැන ඉදලා අපිට යන්තම් අවුරුදු ගානක් බලන් ඉදලා ආපු අවස්ථාව. අත්අඩංගුවට ගන්නම ඕන. නැත්නම් කරපු අපරාධ ඔක්කොම යට ගහනවා. "කරන කලට පව් මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ". මේක ලෝක ධර්මය...!
එතුමා කොච්චර ජාතිවාදය පිටුදකිනවද කියනවානම් මෙච්චර මුස්ලිම් පෙරකදෝරුවෝ ඉන්න රටේ නඩුව බාරදීලා තියෙන්නේ සිංහල පෙරකදෝරුවෙකුටනේ.
පිරිිබාහරන්ටත් තමන්ව අල්ලන්න එපා කියලා පෙත්සමක් දෙන්න තිබ්බා නේද ?
අර මොරටුවේ කියලා අන්තවාදීන්ට සුදුහුණු ගාන මහත්තයට මම කියන්න කැමතියි ඒ මහත්තයා විතරක් නෙමෙයි මොරටුවේ ඉන්නේ කියලා. මොකද මොරටුව කියන්නේ චිරාත් කාලයක් සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බෞද්ධ ආදී මෙකී නොකී සියල්ලම සතුටින් සමාදානෙන් ඉන්න සුන්දරතම නගරයක්. මෙයා මොරටුවේ ඉගෙන ගන්න ඇති ( පාසල මොකද්ද ? අපි නම් දන්නේ නැහැ ) නමුත් මොරටු පුතෙක් නම් නෙවේ. මොකද මොරටුව මේ වගේ අය නැහැ මම දන්නා මොරටු ඉතිහාසයේ...
මේ දුෂිත මිනීමරු අන්තවාදියා අත්අඩංගුවට ගෙන නිසි දඩුවම් දෙනකම් රටට ආදරය කරන සියලු ජන වැසියා විමසිල්ලෙන් සිටී.
ඔහෙටත් තියෙන්නේ අර ගොයියා කරපු හැංගි මුත්තම කරන්න.දැන් කොරෝනා මර්දන සටනේ උපදේශකයෙක් කියලා පත්තර වල තිබුනා. අනේ මෙහෙමත් රටක්!!!
ලාබයි ලාබයි. චන්දෙ ලගයි චන්දෙ ලගයි.
හැමෝම දන්නවා කවුද චන්දෙ දිනන්න මේවා සංවිධානය කලේ කියල... අනිත් එක ලංකාවේ මුස්ලිම් සහ කතෝලිකයන් අතර කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ලංකාවේ මුස්ලිම් සහ කතෝලික යන අය සිංහල සහ දෙමල භාෂාව හොදට හසුරුවන්න පුළුවන් අය . මේ ජනතාවගේ බොහෝ අය එකම දේශපාලන අදහස් දරන අය . අනිත් එක මේක කුමන්ත්‍රණය කරපු අයම තමයි තමන්ට රටේ ඔත්තු සේවයෙන් වගේම ඉන්දියාවෙන් ඔත්තු ලැබිලත් ඒ ගැන සද්ද නැතුව හිටියේ... දැන් ඒ ගොල්ලෝ එකම පක්ෂේ... කවුද කියල හැමෝම දන්නවනේ...
ඔය කියන්නේ සිරිසේන හිටපු ජනාධිපතිතුමා ගැනද?