IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය අසළ උපවාසයක

(ළහිරු හර්ෂණ)

පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද(02) කොළඹ පිහිටි ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
 
පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරක ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



අදහස් (31)

අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය අසළ උපවාසයක

Bamunuarachchi Monday, 02 December 2019 08:48 AM

මෙහිදී අපත් ඔබ සමගයි රණවිරුවාණෙනි, ඊනියා බටහිරයන්ට වුවමනා පරිදි රට හසුරුවන්නට ඉඩ නොදිය යුතුයි..!

:       991       1635

mohanMonday, 02 December 2019 08:57 AM

දේශප්‍රේමය තම රැකියාව කරගත් පුද්ගලයෙක් මොහු...

:       213       546

ramaniMonday, 02 December 2019 10:42 AM

නාගානන්ද මහත්මයාත් ගහලා එළියට දැම්මා දවසක්...

:       497       98

kamalMonday, 02 December 2019 11:29 AM

බමුණාට පුළුවන්නේ.... ටයිකෝට් දේශප්‍රේමීන්නේ වැඩිවෙන්නේ... නොමිලේ ෆ්රයිඩ් රයිස්, බුරියානි ලැබේ.

:       8       73

bandaMonday, 02 December 2019 12:47 PM

මහින්ද අගමැති වුණු කාලේ මෙයා අරලිය ගහ මන්දිරේ ළඟ ෂෝ දාන්න ගිහිල්ලා ගුටි කෑවා මතකද?

:       0       45

Janaka Monday, 02 December 2019 09:16 AM

මේවගේ මිනිස්සු තමයි මේ රට විනාශය කරා ගෙනයන්නේ. සිංහලයන් මෝඩයින්ට අන්දවලා ඡන්දය දිනලා රටම විනාශ කරන මේ වගේ අයට ස්වභාව ධර්මයෙන් හරි පඩිසන් දෙන්න.

:       761       942

sena Monday, 02 December 2019 09:25 AM

ලෝකේ ඉදිරියේ අපේ රට හෑල්ලු වෙන්නේ මේ වගේ විහිළු නිසා නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා විසඳන්න පොලිසිය ඉන්නවා. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විසඳන්න ඊට අදාළ උදවිය ඉන්නවා. මෙයාට රට වෙනුවෙන් ඇත්තටම යමක් කරන්න ඕනෑ නම් කරන්න කොච්චර වැඩ තියෙනවද?

:       5       516

sandyMonday, 02 December 2019 12:53 PM

සේන මහතාණනි. සහතික ඇත්ත. මේවාගේ විහිලු සපයන්නන් සහ ඒවාට උඩගෙඩි දෙන බමුණු උන්නැහේ වගේ උදවිය ඉන්නකම් රටට සනීපයි.

:       1       147

විසල් Monday, 02 December 2019 09:29 AM

ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුලේ නොවන බව මේ පුද්ගලයාට කවුරුන් විසින් හෝ කියා දිය යුතුයි. යම් දවසක මේ කරන ක්‍රියා පාරා වළල්ලක් විය හැකිය. එසේ දවසට අපනයන සැකසුම් කලාපවල සේවය කරන දහසක් තරුණ තරුණියන්ගේ රැකියා අනතුරේ...

:       107       361

gunadasa Monday, 02 December 2019 09:31 AM

මොකද බන් මේ...? හැම මගුලටම මෙයා ඉන්නවා.

:       45       180

sugathMonday, 02 December 2019 10:45 AM

මේ දෙවෙනි වීරවංශ. බත් පැකට් එකක්, රුපියල් 500 දුන්නු ගමන් ඕන මගුලකට එනවා. මගුල් ගෙවල්වලට කෑම උයනවා. මිනීවලවල් කපනවා.. රුපියල් 500.

:       255       360

mohan HapuarachchiMonday, 02 December 2019 12:37 PM

හරිම දුකයි අපේ මිනිස්සු හිතන විදිය... ඕනෑම කෙනෙක්ට බොරු කියලා ලෝකය රවටන්න පුළුවන් හැබැයි රණවිරුවෙක්ට එයාට විරුද්ධව පෙනී හිටින්න බැහැ.

:       47       21

padmini Monday, 02 December 2019 09:34 AM

මහබැංකු කඩපු එකට පාර්ලිමේන්තුව ඉස්සරහ ඉඳ ගත්තා නම් හොඳ නැද්ද?

:       88       129

raheem Monday, 02 December 2019 10:04 AM

ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙනගෙන වගේ...

:       222       336

විජිත් Monday, 02 December 2019 11:20 AM

ඔව් රහීම්... සිල්වත් ස්වාමීන් වහන්සේලාගෙන් නොවෙයි ඔය එකඑක පක්ෂවලට කඩේයන "සංඝ සෙට්" එකෙන් තමයි මෙයා ඉගෙනගෙන තියෙන්නේ. ඔහේ හිටියාවේ. ඉඳලා ඉඳලා බඩගිනි වුණාම හිමින් සැරේ මාරුවෙවී නැතිනම් විරවංශ වගේ වැසිකිළියේ ලේමන්පෆ් හංගලා තියලා පස්සේ කයි...

:       69       308

SL Monday, 02 December 2019 10:12 AM

මේ වගේ මෝඩ වැඩවලින් හරියන්නේ නැහැ. එම්බසියේ එක්කෙනෙක් එලෙව්වා නම් හරිනේ. මේකත් හරියට UN රිපෝර්ට් එකේ වගේ. පැමිණිලිකාරයන් හංගලා. ඒ අයම කියලා ඒ අයම හැංගෙනවා.

:       124       29

denin Monday, 02 December 2019 10:58 AM

උපවාසකර නොකා ඉන්න පුරුදුවෙන එක හොඳයි. ජනාධිපතිවරණ සමයේදී සමහර කථිකයන් ප්‍රකාශ කළා. දිළිඳුකම නිසා කොටසක් දිනකට ගන්නේ එක ආහාර වේලක් පමණයි කියා. මෙයාට අවස්ථාව දෙන්න ඕනෑ ආහාර නොගෙන කෙනෙකුට කොපමණ කාලයක් ජීවත්විය හැකිද කියා පෙන්වන්න.

:       81       140

Sugath Monday, 02 December 2019 11:31 AM

අදාල කාන්තාව රහස් පොලිසියට බාර නොදී ඉන්න අපි බලපෑම් කරමු.

:       33       11

rathuvithana - italyMonday, 02 December 2019 01:09 PM

ඒ කාන්තාව ලංකාවේ පොලිසිය ගැන දන්නා නිසා තමයි හැංගිලා ඉන්නේ... දැන් මේ තානාපති කාර්යාලයට පුළුවනි එයාවත් වහාම රටෙන් පිටකරන්න. නැතිනම් ඒ ළමයාගේ ජීවිතේ අනතුරේ. කොහොම වෙතත් ලංකාව මේ වෙනකොට බොහොම පහත් මට්ටමකට දමලයි ලෝකයා ඉන්නේ. එ්කම තමයි යුරෝපයේ එකම රටකවත් සුබපැතුම් අලුත් ලොක්කාට නොආවේ. මේ ලෝකයම දන්නවා එයාගේ ලේබල් එක...

:       3       45

AsankaMonday, 02 December 2019 02:36 PM

යුරෝපයේ වැසිකිළි හෝදන එක ලොකු ඇති..

:       20       1

kamal Monday, 02 December 2019 11:39 AM

තැඹිලි වතුර ගහලා එලවන්න ඕනෑ..

:       0       16

Gamarala Monday, 02 December 2019 11:52 AM

අපව ලෝකය හමුවේ අපකීර්තියට පත් නොකර වහාම තානාපති කාර්යාලය හරි හා නිවැරදි පිළිතුරක් දෙන්න. මෙය අපිට විශාල ගැටළුවක්... මොකද මුළු ලෝකයම අපි දිහා නෙත් යොමාගෙන ඉන්නේ...

:       173       172

Gune Monday, 02 December 2019 11:53 AM

ඉඳගෙන වැඩිවෙලාවක් ඉන්න එකනම් මොළේට හොඳ නැහැ නේද?

:       120       88

Laki Monday, 02 December 2019 12:11 PM

කාලකණ්ණි වැඩමයි වෙන්නේ... ඇමෙරිකාවටම යන්න.. ඒක රටට සෙතක්...

:       38       25

පිටිගල මිලානෝ Monday, 02 December 2019 12:17 PM

මේ මනුස්සයා ගෝඨාභය මහත්තයාවත්, ලංකාවත් දෙකම කනවනේ...

:       53       38

jaya Monday, 02 December 2019 12:19 PM

ලැජ්ජාවේ බෑ...

:       30       8

Sam Monday, 02 December 2019 02:01 PM

මට වෙලාවකට හිතෙනවා, මේ අජිත් ප්‍රසන්නමද "බමුණුආරච්චි" කියලා මේකෙ අදහස් දක්වන්නේ කියලා. නෝන්ඩි කතාමයිනේ කියන්නේ...

:       47       19

Champa Monday, 02 December 2019 02:54 PM

ශ්‍රී ලංකාව මේ වැඩෙන් අපකීර්තියට පත්වෙලා ඉවරයි. ආයේ වෙන්න දෙයක් නැහැ. පොලිස් පරීක්ෂණ පටන් ගනත් ඉස්සෙල්ලා මේක බොරුවක් කියලා ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන් සහ පුද්ගලයන් කියන්න පටන් ගත්තා. දැන් කවුද ඔය ස්විස් එම්බසිය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණයක් කරන්න කිව්වේ? ගෝඨාභයද? පොහොට්ටුවද? පොලිසියද? තවත් රටේ නම විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න. ඔහොම සිද්ධියක් වෙලා නැත්නම් ඒක පොලිසිය ඔප්පු කරයි. දැනට විදේශ අමාත්‍යංශය කියලා තියෙන්නේ මේ සිද්ධිය හා සම්බන්ධ කාල පරාසයේ වෙනසක් තියෙනවා කියලා මිසක් සිද්ධියක් වෙලා නැහැ කියලා නෙමෙයි. පොලිසියටයි විදේශ අමාත්‍යංශයටයි කරන්න තියෙන රාජකාරි අජිත් කරන්න යන්නේ මොකටද? අනිත් අතට අජිත් මේ කියන දේ වැරදියි. මේ පැමිණිල්ල වෙනුවෙන් එම්බසිය වගකියන නිසා වින්දිතයා ඉදිරිපත් නොකර ඉන්න එම්බසියට අයිතියක් තියෙනවා. ඔහොම බල කරන්න බැහැ. එම්බසි වලට අදාළ වෙන්නේ වියානා ගිවිසුම මිසක් අපේ රටේ පොලිස් නීති නෙමෙයි. අනිත් එක ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්, පුද්ගලයන්, සංවිධාන කරන මේ අනවශ්‍ය බල කිරීම් හොඳටම ඇති. එම්බසියට වින්දිතයාව අඳුනා ගන්න ඉඩ නොදී ඉන්න. බල්ලාගේ වැඩේ බූරුවා කරන එක ජාතික ලක්ෂණයක් වෙලා..

:       25       152

Buddika Monday, 02 December 2019 02:56 PM

මේ පුද්ගලයා මහින්දගේ පස්සෙන්ම හිටියේ... මොකක හරි මොකකහරි තනතුරක් ගන්න තමයි මේකත් කරන්නේ...

:       0       16

Thilina Kurukulasuriya Monday, 02 December 2019 02:57 PM

(ඉන්දිකා රාමනායක) ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් වෑන් රථයක රඳවාගෙන ඇයට තර්ජනය කිරීමේ සිද්ධියට අදාල තොරතුරු ස්විස් තානාපති කාර්යාලය විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. එම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් සීසීටීවී කොට්ඨාශයේ සහාය ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ. මෙම නිලධාරිනිය පැහැරගත් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අය බවට තනාපති කාර්යාලයේ නිලධාරිනියට දැනුම් දී ඇතැත් පරීක්ෂණ නොමග යැවීම සඳහා සැකකරුවන් ව්‍යාජ ප්‍රකාශයක් සිදුකර ඇති බවට පවසන පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

:       0       15

Thilina Kurukulasuriya Monday, 02 December 2019 03:08 PM

අලුත් ආණ්ඩුව අාවා විතරයි හරියට බළල් මල්ල ලිහලා වගේ බළල්ලු හැමතැනම ඒ මේ අත දුවනවා හරියට පිස්සන් කොටුවට බෝම්බ ගහලා එහෙ මෙහෙ දුවනවා වගේ !

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාසල් බිමෙන් අහුලාගත් බෝලය පන්තියේදී පුපුරලා
2025 ජනවාරි මස 15 225 0

ඇල්පිටිය , ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය


ගසක් කඩා වැටී 4ක් රෝහලේ
2025 ජනවාරි මස 15 55 0

පැවති වර්ෂාව සහ සුළං සමග අද (15 ) බදුල්ල ඉස්පින්වැලි මේමලේ වත්තේ ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් හතර දෙනකු තුවාල ලබා කෝට්ටගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව බදුල


වෛද්‍යවරයාගේ නිවස කොල්ල කෑ තෙරපිවරයා අල්ලයි
2025 ජනවාරි මස 15 434 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර


සිමෙන්ති මිල අඩුවෙයි
2025 ජනවාරි මස 15 703 0

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.


‘ලංකාවේ නව යුගයට උදව් කරන්න සූදානම්‘
2025 ජනවාරි මස 15 777 0

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප


වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
2025 ජනවාරි මස 15 1639 4

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 253 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 557 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site