IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගලවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගලවත්ත ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අද (22) සැකපිට තැන්නහේන ප‍්‍රදේශයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ අගලවත්ත තැන්නහේන අටහවුල්හේන ප‍්‍රදේශයේ පදිංචි 42 සහ 45 වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනා තැන්නහේන ප‍්‍රදේශයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවරී ඇති කැත්ත එක් සැකකරුවෙක්ගේ නිවසේ මදටිය ගසක් යට සඟවා තිබියදී සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඝාතනයට ලක්වූ යුවල සමගින් ඔවුන්ගේ නිවසේ රූපවාහිනිය නරඹමින් සැකකරුවන් දෙදෙනාද මත්පැන් පානය කර ඇතැයිද එහිදී ඇති වූ කතාබහක් දුරදිග යාම ආරවුලට මුල්වී ඇතැයිද පොලිසිය කියයි.

ආරවුල ඇතිවීමෙන් පසු නිවසේ තිබූ කරුදු කපන කැත්තෙන් අඹු සැමි යුවලට පහරදී ඇති බවට දැනට සිදුකර ඇති පරීක්‍ෂණවලදි හෙළිවී ඇතැයි පොලිසිය කීය.

එක් සැකකරුවෙකුට 2012 වර්ෂයේ මනුෂ්‍ය ඝාතන චෝදනාවක් පවතින බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.

තැන්නහේන තිරුවානකැටිය පලේකටිටුව වතු නිවාස වල පදිංචිව සිටි 48 හැවිරිදි තිලකසිරි සහ 52  හැවිරිදි ටෙක්ලා චන්ද්‍රානි නමැති අඹුසැමි යුවල 19 වැනිදා රාත‍්‍රී තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණවලට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අගලවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site